සමගි ජන බලවේගය දෙකඩ වෙයි … ?

Date:

අද (11) පස්වරුවේ පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ආණ්ඩුවක් භාර නොගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඇති තීරණය එහි ජනප්‍රිය මන්ත්‍රීවරයකු ඇතුළු කණ්ඩායමකගේ දැඩි විරෝධයට හේතු වී ඇති අතර ඔවුන් ආණ්ඩුවක් පිහිටුවන පාර්ශ්වයකට එක්වීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැවති තත්වය උච්ඡස්ථානයට පැමිණෙමින් අද හෝ හෙට දිනයේදී සමගි ජන බලවේගය දෙකඩ වීමට නියමිත බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ නම් සජබ අනිවාර්යයෙන්ම දෙකඩ වනු ඇති බව අපි මීට කලකට පෙරම වාර්තා කළෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...