අද පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් ?

Date:

අද (11) දිනයේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙලට සහාය ලබාදෙන බවට ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙසේ ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙලට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය දක්වන මේ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය තනතුරු නොලැබෙනු ඇති අතර ඉදිරි දින කිහිපය තුළ කිසිසේත්ම කැබිනට් සංශෝධනයක් නම් සිදු නොකෙරෙනු ඇති බවත් විස්වාසදායක දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙසේ කැබිනට් සංශෝධනය කෙරෙහි දීර්ඝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටියත් එය සිදු නොවන තත්වයක් තුළ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබිමට නියමිත සෘජු විදෙස් ආයෝජන සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් අදාළ මන්ත්‍රීවරුන් ඊට සහාය පළකරන්නේ යැයි ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර පසුගිය දිනක ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුවට එකතු වීමට කැමැත්ත පළ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙන තුරු ඉවසා සිටින්නැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් සමීප ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...