දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/11

Date:

01. ජාතික පොලිස් කොමිෂන් සභාව එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අද දින කැඳවීමට නියමිතයි: පොලිස් ස්ථාන මාරු සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිලි පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

02. යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත්, මෙමඟින් ශ්‍රී ලංකාවට ජීඑස්පී+ සහනය ලබා ගැනීමට ඇති අවස්ථාව ගිලිහී යා හැකි බවත් සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

03. සමෘද්ධි දීමනාව ජූලි 01 වැනිදා සිට ලබාදෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි: මහ බැංකුව විසින් පිළිගත් ඕනෑම බැංකුවක් හරහා එය ලබාගත හැකි බව ද පවසයි: මෙම දීමනාව ‘අතිශයින් දුප්පත්’ සහ ‘දුප්පත්’ යන කාණ්ඩ දෙකකට ලැබෙන අතර, ‘අවදානමට ලක්ව ඇති’ සහ ‘සංක්‍රාන්ති’ යන කාණ්ඩ දෙක සඳහා ද මෙමඟින් දීමනා ලැබීමට නියමිත ය.

04. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාවට ප්‍රකාරව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය තමා අනුමත කළ බව කථානායක නිවේදනය කරයි: එම පනත් කෙටුම්පත 2023 අංක 04 දරන ‘දේශීය ආදායම් (සංශෝධන) පනත’ ලෙස බලාත්මක වේ.

05. 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළේ යැයි කියන ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු නියෝගය ජූනි 22 වන දින දක්වා දීර්ඝ කෙරේ.

06. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සිදුකළේ යැයි කියන ප්‍රහාරයකින් අනතුරුව ‘අරගලය’ ක්‍රියාකරු පියත් නිකේෂල රෝහල්ගත කෙරේ: සිදුවීමට අදාළව හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට; අබේරත්න විසින් ගොනුකළ පැමිණිල්ලකට අදාළව නිකේෂල ද අත්අඩංගුවට: මෙම පහර දීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

07. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එහි ස්වර්ණ ජයන්ති සමරුව සහ 50 වැනි සංවත්සරය සමරයි: ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මම උත්සවයට සහභාගී වෙති.

08. කුමන ආකාරයේ දේශීය ණය ප්‍රශස්තකරණයක් සිදු වූව ද රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කරන අතර, මහජන තැන්පතු ආරක්ෂා කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහතික වෙයි: මහ බැංකුව, “ඔවුන් සැමවිටම පවත්වාගෙන ගිය ආකාරයට” මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට කැපවී සිටින බව ද පවසයි: බැංකු පද්ධතියේ ස්ථායීතාවය බිඳ වැටෙමින් තිබෙන බවට විශ්ලේෂකයන් විසින් මත පළකරන පසුබිමක මහ බැංකු අධිපතිවරයා විසින් ඔහුගේ ප්‍රකාශය සිදුකර තිබේ.

09. රජයට සහාය පළ කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි: මෙලෙස ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් වත්මන් රජය විසින් සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමට සමත් වීම සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සිය ප්‍රශංසාව පළ කර ඇති බව සඳහන්.

10. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එල්ල වූයේ යැයි කියන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා දිවයිනට පැමිණෙයි; ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමඟ සාකච්ඡා පවත්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...