ජූලි 1සිට සමෘද්ධි සහනාධාරය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමෘද්ධි සහනාධාරය ජූලි 1 වැනි දා සිට ලබා දෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසන අතර , එම සහනාධාරය  මහ බැංකුව පිළිගන්නා ඕනෑම බැංකුවක් හරහා ලබාගත හැකිය.

සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණය පසු ගිය 31 වැනි දායින් අවසන් වූ අතර මේ වනවිට එය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවකින් පරීක්ෂා කිරීම් සිදු කරනු ඇත.

මෙම සමෘධි සහනාධාරය ”අන්ත දුගී” සහ ”දුගී” ලෙස වර්ග දෙකකට දෙනු ලබන අතර , ”අන්ත දුගී” පිරිසට රුපියල් 15,000 ක මුදලක් සහ ”දුගී” පිරිසට රුපියල් 8500 ක මුදලක් ලබාදීමට නියමිතය.

මෑත කාලයේ ආර්ථිකය කඩා වැටීමත් සමග ඇති වූ ගැටලු නිසා ”අවදානමට ලක් වූ” සහ ”සන්ක්‍රාම්තික” වශයෙන් වර්ග දෙකක් යටතේ ද සමෘද්ධි සහනාධාරය ලබා දීමට නියමිත බවත් , ”අවදානමට ලක් වූ” වර්ගයට රුපියල් 5000 ක මුදලක් සහ ”සන්ක්‍රාම්තික” වර්ගයට රුපියල් 2500 ක මුදලක් ලබා දීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...