කුරුණෑගල ශික්ෂණ රෝහලේ වර්ජනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කිසියම් පුද්ගලයෙකු විසින් වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් අද (11) උදෑසන සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිය රාජකාරිවලින් ඉවත්ව ඇති අතර ,  අදාළ පුද්ගලයාව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරු අද දින හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු සියලුම ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව ඇති බවය.

මේ හේතුවෙන් අද උදෑසන රෝහලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර , වර්ජනය හේතුවෙන් භාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සහ සායනික කටයුතු සියල්ල ද අඩපණ වී ඇති අතර ජලභීතිකා එන්නත් කිරීම පමණක් සිදුකෙරුණු බව වාර්තා වේ. මෙම වර්ජනය හෙට (12) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක බව රෝහල් ආරංචි දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...