ඩයනගෙ නයිට් ලයිෆ් එක

Date:

මැයි 12, කොළඹ (LNW):තවම රෑ 12 ට නැහැ.උසම උස අංකල් කෙනෙක් බොරැල්ල කනත්ත හරියෙ පයින් යනවා.පොඩ්ඩක් වැනෙනවා.අංකල්ට වැදිලා.මට වදින ගාණට බොන්න සල්ලි නැති නිසා වැදිලා නැහැ.හැබැයි මං දන්නවා දෙන්නම එක ජාතියෙ මිනිස්සු මිස එයා උසට හිටියට මහසෝනා නෙමෙයි කියලා.අතේ තියෙන තුට්ටුවෙන් දෙකක් ඇණ ගෙන බස් නැති නිසා සහ වෙන වාහනයක යන්න සල්ලි නැති නිසා පයින් යන දෙන්නෙක්.

ඔය වෙලාවට රෝද වැඩි බස් නැති වුණාම ගමණට කකුල් තියෙන කතාබස් මාර විදිහට කාංසිය මකනවා.

අර ගෑණිට මරු වැඩේ නේද වුණේ?
අංකල් අහනවා.

මං ඉතිං දන්නවා මේ දවස්වල එහෙම වැඩක් වුණ ගෑණි ඩයනනෙ කියලා.
ඔව් ඉතිං,කාට වුණත් නීතියෙන් හැංගෙන්න බැහැනෙ.කවද හරි ඇත්ත හෙළිදරව් වෙනවා.
මං කිව්වෙ සීරියස්.

බලන්නකො ඒකි කරන්න හදපු අලුගුත්තේරු වැඩේ.නයිට් ලයිෆ් ගෙනත් වේසකම් කරන සමාජයක් හදන්න හැදුවෙ.මටනම් ඒකටමයි තරහ.
අංකල් දෙසනවා තදට.

නයිට් ලයිෆ් තිබුණනම් අපි දෙන්න මෙහෙම පයින් යන්නෙ නැහැනෙ අංකල්…
මං පුංචියට අංකල්ව කොනිත්තලා බැලුවා.

ඇයි ඔහේ ගෑණියෙක් බදාගෙන එළිවෙනකම්ම කොහෙ හරි තපිනවද? මංනම් එහෙම එකෙක් නෙමෙයි හරිද
අංකල්ගෙ මල, පනින සීමාවෙ අන්තිම ඉර ගාවට ඇවිත් තියෙන්නෙ.

අංකලුයි මායි පයින් යන්නෙ ගෑණියෙක් බදාගන්න තියා ත්‍රීවීල් එකක යන්න සල්ලි නැති නිසා නේද?ඒ නිසා ඒ වැඩේ කරන්න බැහැනෙ අංකල්.මං දන්න තරමට ගෑණියෙක් ත්‍රීවිල් ගාස්තුවට වැඩිය ගණන්.
මං කියලා දැම්මා.

අංකල් නිහඬයි.පස්සෙ ඉතිං මං කතා කරා.
නයිට් ලයිෆ් කියන්නෙ ගෑණුන්ට වේසකම් කරන්න හදන එකක් නෙමෙයි අංකල්.ඒකට සමාජයම සෙට් වෙනවා.10 වෙනකං බොන්න දීලා පාරට දැම්මම යන්න බස් නැහැනෙ අපිට.හැබැයි නයිට් ලයිෆ් එකේදි එළිවෙනකං බොන්නත් ඉඩ තියෙනවා.රෑට බස් තියෙන නිසා ගෙදර යන්න බසුත් වැටෙයි.හැම දෙයක්ම මිනිස්සුන්ට පොදු පහසුකම් හැදෙන නයිට් ලයිෆ් එකක් ආවනම් රෑට හොරුත් අඩු වෙයි නේද?මිනිස්සු ගැවසෙනවනෙ.

මං කතා කරන දිහා බලාගෙනමයි අංකල් ඇවිද්දෙ.
ඔයා ඒ ගෑණිට කෙළවෙච්චි එකට කැමති නැහැ නේද?
අංකල් ඒ පාර මං ඩයනගෙ කරලා.

මටනම් කැමත්තක් අකමැත්තක් නැහැ.හැබැයි එයා නීතියට පිටින් කරන වැඩේට දඩුවමක් තියෙන්න ඕනි.ඒ වගේම එයා අනීතිකව අපේ බදු මුදලින් ජීවත්වෙලා පහසුකම් භුක්ති විදලා තියෙනවා.ඒවත් අය කර ගන්න පුළුවන්නම් හොඳයි.
මං විස්තර ඇතුව කිව්වා.

එහෙනම් ඔයා ඒ ගැණිගෙ නයිට් ලයිෆ් යෝජනාවට කැමතියි කිව්වෙ ඇයි?
අංකල් “විරුද්ධනම් හැම එකටම විරුද්ධ කැමතිනම් හැම එකටම කැමති” ජාතියේ මනුස්සෙක් කියලා හඳුනාගන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහැව්වා.

මෙහෙම රෑට පයින් යනකොට මගෙ කකුල් රිදෙනවා අංකල්
අංකල් මොකවත්ම නොකියා බිම බලාගෙන ගමන වේගවත් කළා.

හැබැයි ඉතිං මේකෙන් සජබෙට කෙළවෙලාම ගියහම අනුර නිකංම ගොඩ.ඒ අතින්නම් ඒ ගෑණිගෙන් රටට සේවයක් වුණේ
අංකල් බලාපොරොත්තු සහගතව මාලිමාව දිනන පැත්තට කරකැව්වා.

සජිත් සජබෙ හදන්න ඉස්සෙල්ලා මොන පක්ෂදෙ?

ඌ යූඇන්පී කාරයනෙ.

සජිත් ගාවට යූඇන්පී අත ඇරලා ආව මිනිස්සුනෙ ඉන්නෙ ඉතිං.ඒ අය සජිතුයි,රනිලුයි නිසා බෙදුණු අයනෙ.ඒ අය සජිත් නැති වුණාම යන්නෙ රනිල් ගාවටනෙ.

එහෙම වෙන්නෙ කොහොමද?..අපේ සහෝදරවරුනම් ඩයනා සජබෙටත් කෙළවනවනම් කැමතියි මට දැනෙන හැටියට.ඒ උගත් මිනිස්සු රනිල් ගාවට යනවනම් කැමති වෙයිද?එහෙම කැමති වෙලා ඇති වාසියක් නැහැනෙ.

තියෙන වාසිය ඉතිං,කරදරයක් නැතුව ප්‍රධාන විපක්ෂය වෙන්න පුළුවන්.

ඒ දෙබසෙන් පස්සෙ දෙන්න ටික දුරක් නිහඬවම ආවා.
සිගරට් බොනවද අංකල් ඇහැව්වා මං ඔව් කිව්වා.

ගින්දර තියෙනවද?
ඒත් අංකල්

ඔව්,සිගරට් නැහැ.

මේක පත්තු කරන්න.බීලා දෙන්න

ද ක්ලීනර්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...