හොර පාස්පෝට් හදලා රටයන්න හැදූ 2ක් CID දැලේ!

0
120

සටහන – රෂිකා හෙන්නායක

මැයි 12, කොළඹ (LNW): කටුනායක ගුවන් තොටුපොළින් කැනඩාව වෙත ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදාගනිමින් හොර රහසේ යෑමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් මොවුන් හසුකර ගෙන ඇති අතර , සැකකරුවන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දුන් යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ද මීගමුවේදී අත්අඩංගුවට ගත් බවද පැවසේ.