අද (12) දවසේ වැසි තත්වය

Date:

අද (12) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙහෙණින් වහන්සේ නමකට අශෝබන ලෙස බැන තර්ජනය කළ අය අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ඊයේ (02) රාත්‍රී...

21 විපක්ෂෙ වැඩෙන් සජබ,සර්වජන බලය එක්ක විමලුත් කර අරියි?

කොළඹ LNW: එළඹෙන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව නුගේගොඩ...

දෙවන කොටසේ සූරයන් කළුතරින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...