*
Sunday, May 25, 2025
spot_img

Latest Posts

ඇඳුමක් කතා කරයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 12, කොළඹ (LNW): රටවල් කිහිපයක් අල්ලපු ලංකාවේ පනස් දෙනෙක් ලෝකයක් ඉස්සරහ තමන්ගෙ හැකියාව පෙන්නන්න හදන මොහොතක් ජාඇල වැලිගම්පිටියේදී ලෝකයට ප්‍රකාශ කළා.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඇඳුම් සම්පාදනය කරන Moose ආයතනය.එහි සේවක සංඛ්‍යාව වෙන්නෙ 50 ක්.මේ මොහොත වන විටත් ඔබේ රෙදි අතරත් මූස් නිෂ්පාදනයක් තියෙන්න පුළුවන්.ඔබේ විතරක් නෙමෙයි මේ වෙනකොට සිංගප්පූරුව,ඕස්ට්‍රේලියාව,කැනඩාව,ඉන්දියාව,ඩුබායි,මාල දිවයින වැනි රටවල ජනතාවගෙ ඇඳුම් අතරෙත් මූස් තියෙන්න පුළුවන්.මේ පනහෙ කල්ලිය හැබැයි ලොකුම පිම්ම පනින්න හදන්නෙ ක්‍රිකට් පිට්ටනිය හරහා.

ඒ උත්සාහය වර්ණවත් කළ මොහොත උදා වුණේ හරි අපූරු රැයක.කලා විචිත්‍රාංගවලින් හැඩ වුණ සෞන්දර්ය රැයක් ඇතුළෙ මූස්,තමන්ගෙ නිර්මාණශිලීත්වයේ සහ තාක්ෂණයේ සංසේචනයෙන් ලෝකයක් ඉදිරියේ දඟ කරන දරුවා ඉපදුණු,බහ තෝරපු,තොටිලි වැටට බර දී නැගිටපු ආදී සියල්ල පියවරෙන් පියවර ඉදිරිපත් කළා.ඒ ක්‍රියාශීලී දරුවාව පැළඳගෙන තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග වේදිකාවට ගොඩ වුණා.ඒ තමයි උච්චතම මොහොත.

ක්‍රිකට් ලෝකයම ජූනි 1 දා ඉදලා ජූනි 29 දක්වා ඇස් තියාගෙන ඉන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදය පැත්තට සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පැත්තට.අද වෙන කොට ලෝකයම ක්‍රිකට් ආක්‍රමණය කරමින් ඉන්න තත්ත්වයට හේතුව වෙච්චි, විස්සයි විස්ස හැඩෙන් පැවත්වෙන ලෝකය දිනන විස්සයි විස්ස කණ්ඩායම තෝරන තරගාවලිය පැවත්වෙන්නෙ එහිදීයි.ලෝකයම ඒ දවස් ටික දිහා බලාගෙන ඉනනෛ මූස් පනස් දෙනාගේ විප්ලවය දෙසයි.ඒ ලෝකයේ ආකර්ශණීයම ක්‍රිකට් කණ්ඩායමක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා පිටියට ඇඳගෙන බහින වස්තරය මූස් වෙන නිසයි.

හැබැයි මේක ක්‍රිකට් මූස් යූස් කරන හෝ මූස් ක්‍රිකට් යූස් කරන වැඩක් නොවී ලංකාව මේ ලෝක කුසලානයේ රටක් හැටියට පළමු ජයග්‍රහණය ලබන්නෙ මූස් ඇඳුමෙන් සැරසුණු ක්‍රිකට් ක්‍රීඩකයා නිසයි.ඒ ලංකාවෙන් කරපු අපූරු නිර්මාණයක් හැටියට ඒ ඇඳුම ලෝකය හඳුනාගන්න නිසයි.

මේ ඇඳුම හරිම දේශපාලනිකයි.මේ වචනය කිව්ව ගමන් හැම එකටම දේශපාලනය රිංගගෙන කියලා දේශපාලනය පක්ෂ ඇතුළෙ දාගෙන පොර බඳන කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඒ පක්ෂවල රණ්ඩු වෙන දේශපාලනය විසින් සැබෑ දේශපාලනයට කරන හානිය නිසා එහෙම හිතුණට රටක් හෙටක් ගැන හිතලා කරන හැම තීන්දුවක්ම දේශපාලනිකව ඒ රටේ අනන්‍යතාවයට හානි කරන්න හෝ සංවර්ධිත අදහසක් මතු කරන්න හේතු වෙන්න පුළුවන්.

මූස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ඇඳුම ගැන සාකච්ඡාව කරන්නෙ ශ්‍රී ලංකාව පාට හැටියට හඳුනගත්ත සංඛෙිතමය වර්ණ ටිකක් කළවම් කරලා ශ්‍රී ලංකා කණ්ඩායම කියලා රෙද්දක් මහලා අන්දවලා අරින්න නෙමෙයි.
ඒ සංකීර්ණත්වය රැඳුණු කතාව කියන්නෙ නිශාන්ත පෙරේරා.ඔහු මූස් හී මේ ඇඳුම නිර්මාණය කරපු කණ්ඩායම මෙහෙයවීමට නායකත්වය දුන්න කෙනා.වෘත්තිමය වශයෙන් සඳහන් කරාම නිශාන්ත තමයි තාක්ෂණික සහ නිෂ්පාදන සංවර්ධනය භාරව ඉන්න ප්‍රධානියා.

“අපිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුම නිර්මාණය කරන්න මේ අවස්ථාවේ මාස ගණනක හොඳ කාලයක් ඉතුරුව තිබුණා.අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එක්කත් අවස්ථා ගණනකදි අදහස් හුවමාරු කර ගත්තා.අපි තීරණය කළේ රටට උපරිම සේවයක් ලැබෙන විදිහට මේ වැඩේ කරන්න.ශ්‍රී ලංකා ක්‍රිකට්වල තියෙන නිල් වර්ණය වගේම ජාතිත ධජයෙ තියෙන සිංහයාගේ කහ වර්ණයත් එතැනදි තියෙන්න ඕනි.”

නිශාන්ත ඇඳුමකට රටක් පැටලුනාම,ඒ ඇඳුම අස්සෙන් රටක් හැඩට පෙන්නන්න වුණාම ඇඳුම අඳින කෙනාගෙ හැඩේ වගේම රටේ හැඩෙත් ඒ හැඩේට කළවම් කරන්න වෙච්චි මහන්සිය එක පිට එක දිග ඇරියා.

සංචාරක ව්‍යාපෘතියක් විදිහට මේක ගොඩ නැඟෙන කොට සංචාරකයො වැඩිම කැමති දේවල් වගේම ලංකාවෙ අනන්‍යතාවය සංඛේතවත් කරන දේ ගැනත් නිශාන්තලා අවධානය යොමු කරලා තිබුණා.විශේෂයෙන්ම සංචාරකයින් ප්‍රිය කරන ආරුක්කු පාළම වගේම ලංකාවෙ අලින් සම්බන්ධයෙන් තියෙන සංචාරක රුචිකත්වයත් ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මලත් මේ නිර්මාණයට එකතු වෙලා තියෙනවා.

ඇඳුමක් අඳිනවා කියන එකට වඩා ඇඳුමක් හදනවා කියන එක අමාරු වැඩක්.නිර්මාණකරුවාගේ පැත්තෙන් ඇතිවන පරිකල්පනය වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් අයිසීසී ය පෙන්වා දී ඇති නිර්නායක වගේම ක්‍රීඩා පරිපාලනයක් හැටියට රජයට වගකීමට ඇති බැදීමත් නිසා සමහර සංකච්ඡාවලදි සමහර දේවල් වෙනස් වෙන්නත් ඇති.නැත්නම් සමහර දේවල් එකතු වෙන්නත් ඇති.හැබැයි දෙන ලද නිර්නායකයන් හරහා නිර්මාණය කරද්දි නිර්මාණය නිර්මාණකරුවාට කරන්න දීලා ඒකත් එක්ක ක්‍රිකට් ගහන්න නොගිය එක ශ්‍රී ලංකා ක්‍රිකට් කරපු හොඳ වැඩක් හැටියටයි හිතන්න පුළුවන් වෙන්නෙ.

නිර්මාණකරුවෙකුට නිර්මාණය කිරීමට යමක් භාර දෙන්නට තීරණය වන්නේම නිර්මාණයේ ඔහු දක්වන කුසලතාවයි.ඒ නිසා ඒ නිදහස සහ අවශ්‍යය අදහස පමණක් වැදගත් වන අතර මේ දෙපැත්තෙන් ආ අවබෝධයද හොඳ ප්‍රකාශනයක් සහිත ඇඳුමකට හේතු වෙන්න ඇති.

“ලංකාවේ ඇපරල් කේෂ්ත්‍රයේ ඉන්න ඩිසයිනර්ස්ලා,තාක්ෂණික දැණුම තියෙන පිරිස රටකට කොච්චර බලපෑමක් කරන්න පුළුවන් පිරිසක් ද කියන එකට හොඳම උදාහරණය හැටියට මං දකින්නෙ බංගලාදේශය.ලංකාවෙ අය තමයි තමන්ගේ හැකියාව දැණුම අදටත් ඉහළින් පහළට ලබා දෙමින් බංගලාදේශ ආර්ථිකය පෝෂණය කරන්න මැදිහත් වෙන්නෙ.අන්තිමට ඒ දායකත්වය ලංකාවට ණය දෙන්න පුළුවන් මට්ටමට බංගලාදේශ ආර්ථිකය හදන්නත් හේතු වුණා.හැබැයි අදටත් බංගලාදේශ එයාර්පෝට් එකේදි වුණත් ඇපරල් කේෂ්ත්‍රයේ ඉන්න ලංකාවෙ ප්‍රධානියෙක් ගියොත් සියල්ලට පෙර ඔහුව නිදහස් කරනවා.සමහර වෙලාවට ගිලන් රථ යොදා ගෙන ගමනේ ප්‍රමාදය මකා ගන්න ඔවුන්ව ප්‍රවාහනය කරපු අවස්ථා තියෙනවා.”

නිශාන්ත නිෂ්පාදනය කළ ඇඳුම වගේම සිය වෘත්තීය අභිමානයත් කියාපාන්නෙ තවමත් ඇඟළුම් කම්හල ගැන සාමාන්‍ය සමාජ මතයෙ තියෙන කඨෝර හැඩයටත් වෙනස්වීමේ අවශ්‍යයතාවය දක්වා තෙරපුමක් දෙමින්.

හිතනවට වැඩිය පළල්, රටක බිඳුණ තැන් කැඩුණු තැන් වසන මැහුමක් මේ කේෂ්ත්‍රය ඇතුළෙ තියෙන බව නිශාන්තගේ ඒ කතාවෙන් පැහැදිළි වෙනවා.කොහොම නමුත් ශ්‍රී ලංකාව එකම තරගයක්වත් ක්‍රීඩා කරන්නෙ නැතුව මූස් හී 50 දෙනෙකුගේ මහන්සිය,තාක්ෂණය,දැණුම,නිර්මාණශීලීත්වය වැනි සියල්ල යොදා ගෙන ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දීලා තියෙනවා.ඒ තමයි මේ ඇඳුම උසස් නිමාවකින් කරන්න ලංකාවෙ දැණුම සහ නිර්මාණශීලීත්වය පාවිච්චි කරමින්.ලංකාවෙ මිනිස්සුන්ගෙ මහන්සිය මුසු කරමින් ලෝකයට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලංකාවෙ වැඩක් ඉදිරිපත් කරලා. ඒ නිසා මේ මොහොතෙ ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙ පළමුවෙන් දිනන්නෙ තමන්ගෙ ඇඟළුම් කේෂ්ත්‍රය ගැන ලෝකයට ප්‍රකාශ කරන ඇඳුමකින්.

ආයෝජනය ගැන අලුත් අදහසක් ඉස්සරහට එනවා.ඇඟළුම් මිලදී ගැනීම සම්බන්ධ වෙළද පොළ පළල් වෙන්න බලපෑමක් ඇති වෙනවා.රටේ සංචාරක කර්මාන්තයේ සිත්ගත් තැන වගෙම ලංකාවෙ අනන්‍යතාවය ගැන කියා පෑමක් එක්ක ලංකාවට එන්න ඉන්න මිනිස්සුන්ට වගේම සංචාරයට කැමති අයටත් අත වනන ඇඳුමක් බවට මේ ක්‍රිකට් ඇඳුම පත්වෙලා තියෙනවා.

ඒ නිසයි මේ සටහනෙ මුලින්ම කිව්වෙ රටේ අනන්‍යතාවයට ගැලපෙන පාට එහාට මෙහාට කරලා අන්දපු ඇඳුමක් නෙමෙයි මේක,දේශපාලනික වශයෙන් රට ගැන ලෝක ආකර්ශණය ඇති කරන ප්‍රකාශනයක් කියන එක.ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම මූස් දෙගොල්ලොම මේ කරන වැඩේ සිද්ධ කරන්න කරන හැදෑරීමට තමයි වෘත්තිමය සංවරය සහ වගකීම කියන්නෙ.ඊට අවශ්‍යය ශික්ෂණය සහ දැණුම පරිශීලනය කරමින් කරපු මේ වැඩේ ගැන සමහර අයට අකමැත්තක් තියෙන්න පුළුවන්.හැබැයි ඇඳුමක් කියන්නේ රෙද්දකින් පාට පාට මෝස්තර දාලා ඇස් අල්ලගන්න හදන මායාවක් නෙමෙයි.ඒකට බරපතල හැදෑරීමක්,තාක්ෂණයක්,දැණුමක් සහ නිර්මාණශීලී භාවිතාවක් අවශ්‍යය වෙනවා.මේ ඔබ දකින්නෙ අන්න ඒ විශාල ක්‍රියාවලියකින් රෙද්දක් අපිට කියන කතාව.අපි ඒකට සාවාධානව ඇහුංකං දෙමු.ලෝකය ඒක කියවගන්න ප්‍රමාණය තරමට එයින් රටට ලැබෙන පලදායිතාවය ගැන බලාපොරොත්තු තියා ගමු.

පිටියට බහින ක්‍රීඩකයින්ට වගේම ලංකාවේ සන්නාලියන් ගැන ඔවුන්ගේ විශ්මය ගැන,ඒ පිටුපස තියෙන දැණුම,තාක්ෂණය,නිර්මාණශීලීත්වය ආදි සියල්ල ගැන කතා කරන වේදිකාවකට තිරය අරින ක්‍රීඩක ඇඳුමටත් ජයවේවා!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan