එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වී තිබෙන බව වාර්තා වේ.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර, විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සිටින බව පැවසේ .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වී තිබෙන බව සඳහන් වේ.

සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බවද එහිදී ප්‍රකාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...