කිරිගිස්තානය ඉදිිරියේ ශ්‍රී ලංකා වොලිබෝල් පරාජය වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 12, කොළඹ (LNW): පකිස්තානයේ පැවත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් පිරිමි තරගාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකාව සිය පළමු තරගය කිරිගිස්තානය ඉදිරියේ වට 3-2 ක් ලෙස පරාජයට පත් වුණා.අනපේක්ෂිත මෙ පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ප්‍රබලම ක්‍රීඩකයින් වන මහේල ඉන්දීවර,ලසිඳු මෙත්මල් වැනි ක්‍රීඩකයින්ගේ හිස්තැන ද යම් ආකාරයකින් බලපාන්නට ඇතැයි සිතිය හැකියි.

එහෙත් ශ්‍රී ලංකාව විසින් වළක්වා ගත යුතුව තිිබුණු සහ හැකියාව ඇති පන්දු පිරිනැමීම වැනි කාරණාවලදී ප්‍රතිවාදීන්ට ලකුණු පිරිනැමීම වළක්වා ගත්තේනම් තරගයේ පරාජය වුව මීට වඩා වැදගත් වන්නට තිබුණා.කෙසේ නමුත් පරාජය වුව ද,ශ්‍රී ලංකාව තියුණු තරගයක් ලබා දෙන්නට සමත්වීම වගේම අවසාන මොහොත තේකම උනන්දුවෙන් ක්‍රීඩා කිරීම අගය කළ යුතුයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ලකුණු 27- 25 ක් ලෙස ජය ගත්තද තෙදවන සහ තෙවන වට ලකුණු 17 – 25 සහ 19 – 25 ක් ලෙස කිරිගිස්තානය ඉදිරියේ පරාජයට පත් වෙනවා.නැවත සිව්වන වටයේ දී ශ්‍රී ලංකාව ලකුණු 25 – 20 ක් ලෙස ජය ගැනීමට සමත් වෙනවා.අවසාන වටයේදී තිරිගිස්තානය සිය සම්පූර්ණ ශක්තිය යොදවා ශ්‍රී ලංකාව පරාජයට කිරීමට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ලකුණු 15- 10 ක් ලෙස තීරණාත්මක වටය ජය ගන්නවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...