රට පුරා හොර සෞඛ්‍ය වෘත්තිකයින් ව්‍යාප්ත වීමට හේතුව කුමුදේශ් හෙළි කරයි !

Date:

රෂිකා හෙන්නායක

මැයි 12, කොළඹ (LNW): පරිපූරක වෛද්‍ය වෘත්තීන් සඳහා වෛද්‍ය සභාව විසින් ආයතන සියයක පමණ උපාධි සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දෙමින් තිබෙන අතර, එම නීතියානුකූලභාවය ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ ඊට අදාළව එකී වෘත්තිය වේදීන්ගේ දායකත්වය ලබා ගැනීම කාලාන්තරයක් තිස්සේ හිතාමතාම මගහැර ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි .

ඒ පිළිබඳව ඔහුගේ අදහස පහතින් දැක්වේ,

ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය වෘත්තිකයකු ලෙස සත්කාර සිදුකිරීම සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දෙන ආයතනය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ඖෂධ නියාමන අධිකාරිය හරහා හොර ඖෂධ ලියාපදිංචි කිරීමේ මාෆියාව මෙන්ම, වෛද්‍ය සභාව හරහා හොර වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ මාෆියාවක්ද මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

පරිපූරක වෛද්‍ය වෘත්තීන් සඳහා වෛද්‍ය සභාව විසින් ආයතන සියයක පමණ උපාධි සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දෙමින් තිබෙන අතර, එම නීතියානුකූලභාවය ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ ඊට අදාළව එකී වෘත්තිය වේදීන්ගේ දායකත්වය ලබා ගැනීම කාලාන්තරයක් තිස්සේ හිතාමතාම මගහැර ඇත.

වෛද්‍ය සභාව සඳහා වෘත්තීමය අධ්‍යාපන තත්ත්වය පිළිබඳව නිර්දේශ ලබාදෙන, වෛද්‍ය සභාව (CMCC)
හතු පිපෙන්නා සේ බිහිවන ඕනෑම උපාධි හෝ ඩිප්ලෝමා කඩයකට මෙන්ම කිසිවෙක් නොදන්නා විදේශ පාටමාලාවකට හෝ වෘත්තීමය විශයට කිසිසේත්ම අදාල නොවන ඕනෑම උපාධියකට අදාලව පරිපූරක වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීමේ නිත්‍යානුකූල බව ලබා දෙන බව ඔවුන් විසින් ඒ සඳහා මෙතෙක් අවසරය ලබා දී ඇති ආයතන පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිළිය.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය නොසලකා හැරීමක් ලෙස පෙණුනද, අනීතික සහ නොගැලපෙන කණ්ඩායම් සඳහා වෘත්තීමය නිත්‍යානුකූල බව ලබා දෙන ජාලගත ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම වෛද්‍ය සභාව සහ වෛද්‍ය විද්‍යාල සභාව පාලනය කරමින් සිටින ඇතැම් වෛද්‍ය නිලධාරීන් අනෙකුත් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන් නොසලකා හැරීම සහ ඒවාට ජාතිකව සහ ජාත්‍යන්තරව ඇති පිළිගැනීම නැති කිරීම සඳහාද මෙලෙස කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

මේ වන වන විට වෛද්‍ය විද්‍යාල සභාව විසින් නීත්‍යානුකූල අවසරය ලබා දෙන පාඨමාලා සහ උපාධි ආයතන අතුරින් 80ක් පමණ ඊට අදාළ සුදුසුකම් සපුරා නැති අතර, එම නීතියානුකූල අවසරය ලබාදීමට පෙර අදාල විශය ක්ෂේත්‍රයේ ප්‍රාමණික වෘත්තීයවේදීන් හරහා කිසිදු පරීක්ෂාවකට ලක් කර නැත. එසේම ඒ සඳහා ඒ ඒ වෘත්තීන්ට අදාල වෘත්තීය වේදි ආයතන ඇතුලත් කර ගනිමින් නිසි ක්‍රමවේදයක් සැකසීම එම ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හිතාමතාම මග හැර ඇත.

රට තුළ නීතියානුකූල නොවන සෞඛ්‍ය වෘත්තිකයන් ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුව මෙම අවිධිමත් ලියාපදිංචි ලබාදීමේ ක්‍රමවේදය වන අතර, නිත්‍යානුකූල වෘත්තිකයන් ආරක්ෂා කිරීමේ සහ නීතියානුකූල නොවන වෘත්තිකයන් බිහිවීම වැළැක්වීම, වැටලීම සහ එවන් අය සඳහා දඬුවම් දීමේ වගකීම ඇති ආයතන විසින්ම, නීතියානුකූල නොවන වෘත්තිකයන් බිහි කිරීම සඳහා අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම, ඖෂධ නියාමන අධිකාරිය හරහා හොර ඖෂධ ජාවාරම උත්ප්‍රේරණය කිරීමටත් එහා ගිය දීර්ඝ කාලීන අනිසි ප්‍රතිඵල ලැබෙන භාවිතාවක් විය හැකිය.

මේ හේතුවෙන්
විවිධ පෞද්ගලික අධ්‍යාපන කඩ සමග ඇතැම් බලධාරීන්ට ඇති සම්බන්ධතා මූලික කොට ගනිමින් තමන්ට හිතෛශී ඕනෑම ආයතනයක, ඕනෑම පාඨමාලාවක් සඳහා නීතියානුකූල භාවය ලබාදීමේ ක්‍රමයක් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් තිබේ. මේ හේතුවෙන් ලංකාව තුළ හොර ඖෂධවේදීන්, හොර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්, හොර බෞද්ධ චිකිත්සකයින්, හොර වෘත්තිය චිකිත්සකයින්, හොර විකිරණ විද්‍යාවේදීන්, හොරකතන චිකිත්සකයින්, හොර පෝෂණවේදීන් ඇතුළු හොර සෞඛ්‍ය වෘත්තියවේදීන් විශාල වශයෙන් බිහි වී ඇති අතර, මෙවන් පාඨමාලා හරහා බිහිවන උපාධිධාරීන් විදේශගත වීම හරහා ශ්‍රී ලංකාවේ එකී වෘත්තීය වේදීන්ට ඇති ජාත්‍යන්තර පිළිගැනීම ද බරපතළ අභියෝගයකට ලක්ව තිබේ.

නිදසුනක් ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයකු ලෙස නිත්‍යානුකූල භාවය ලබා ගැනීමේ අවසරය ලබා දීම සඳහා සුදුසුකම් සපුරන පාටමාලා තිස් එකක් වෛද්‍ය විද්‍යාල සභාව විසින් ලියාපදිංචි කොට ඇත. එම පාඨමාලා ලියාපදිංචි කළේ කෙසේද, එම පාඨමාලා පරීක්ෂා කළේ කවුරුන් විසින්ද, එම පාඨමාලා අනුමත කරන ලද වෘත්තිය වේදින් සඳහා එම විශේෂේත්‍රය තුළ ප්‍රාමාණික දැනුමක් තිබුනේද, ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද යන්න සඳහා පැහැදිලි කිරීමක් ඔවුනට නොමැති අතර, ඒ කිසිවක් සඳහා හෝ කිසිදු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙ වෘත්තිය වේදියෙකු සහභාගී කරගෙන නොමැති බව පමණක් ඉතා පැහැදිලිය.

එසේම එම ලයිස්තුවෙහි සඳහන් පාඨමාලා 31ක ප්‍රමාණය අතුරින් අවම වශයෙන් ‘වෛද්‍ය රසායනාගාර විද්‍යාව’ යන්න නමට පමණක් හෝ සඳහන් වන්නේ පාටමාලා දහයක පමණි. ඉතිරි පාටමාලා කිසිවක් නමට හෝ වෛද්‍ය රසායනාගාර විද්‍යාවට අදලා නොවන බැවින්, කිසිසේත්ම වෛද්‍ය රසායනාගාර වෘත්තිය සඳහා ලියාපදිංචි කල නොහැකි ඒවාය. තවද එම ලේඛණය තුල ඇති ශ්‍රිඋ ලංකාව තුල පිළිගත් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීමය උපාධියට සමාන නම්වලින් පෙනී සිටින ලේඛණයේ ඇති විදේශ උපාධි සහ ඩිප්ලෝමා බොහොමයක් ඔවුන්ගේ මව් රටවල පවා අනුමත කර නොමති ඒවාය.

රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ලෙස ඔහු සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...