CID දැලට කොටු වූ O/L අක්‍රමිකතාවට සම්බන්ධ ටියුෂන් ගුරු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 12, කොළඹ (LNW): මහනුවර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වි‍ශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය 09 වනදා , අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැත්වුණු අතර කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට උදෑසන 8.30ට ලබා දී තිබූ අතර මෙම සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැර තිබුණේ උදෑසන 9.11ට පමණයි.

අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...