පලස්තීනුවන් රෆා වලදී අසරණ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ඊශ්‍රායලය දකුණු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තීව්‍ර කරන බැවින් තවත් දස දහස් ගණනකට පලස්තීනුවන්ට රෆා හැර යන ලෙස දන්වා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය “පුළුල් වූ මානුෂීය කලාපයක්” ලෙස හඳුන්වන පටු වෙරළබඩ ප්‍රදේශයක් වන අල්-මාවාසි වෙත යන ලෙස නගරයේ නැගෙනහිර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් දන්වා ඇති බව වාර්තා වේ.

ගොඩබිම් ප්‍රහාරයකින් විශාල සිවිල් ජීවිත හානි සහ මානුෂීය අර්බුදයකට තුඩු දිය හැකි බවට එක්සත් ජනපදය සහ අනෙකුත් සන්ධාන අනතුරු අඟවා තිබියදීත්, ඊශ්‍රායලය රෆාහි සැලසුම් සහගත මෙහෙයුම් ඉදිරියට ගෙන යන බව පවසා තිබෙන බව පැවසේ.

තවද, හමාස් සංවිධානය සිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් පසු දිනම ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කළ හැකි බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...