සටහන – රෂිකා හෙන්නායක
මැයි 12, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ .
මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට බව වැඩිදුරටත් තොරතුරු අණාවරණය වේ.