කොළඹ මාලිමාවේ පාලනයක් පිහිටුවනවා, ස්ථිරයි. සල්ලි දීලා මන්ත්‍රීවරු ගන්නේ නෑ. වගකීම් බෙදාගන්නවා විතරයි – ඇමති විජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ බලය අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නා බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.

“ගොඩක් අය වැඩිම අවධානය යොමුකරලා තියෙන්නෙ කොළඹ නගරසභාවට. කොළඹ නගර සභාව ගත්තොත් අපි වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ගත්ත පක්ෂය. මන්ත්‍රී ධුර 48ක් අපට තියෙනවා. පරාජිත සජබට තියෙන්නෙ මන්ත්‍රී ධුර 29 යි. එයාලාගෙ නගරාධිපති අපේක්ෂකයාත් කොට්ඨාසය පරාදයි. පරාදවෙලා තියෙන්නෙ මාලිමාවේ අපේ අවුරුදු 19ක තරුණ කාන්තාවකට. ලැජ්ජා හිතෙන්නෙ නැද්ද ? කොට්ඨාසෙත් පැරදිච්ච සජබෙ දැන් කතා කරනවා නගරසභාවෙ බලය අල්ලන්න. ඉතින් එහෙම හැකියාවක් නැහැ. අපි කොළඹ නගරසභාවේ පැහැදිලිවම මාලිමාවේ පාලනයක් පිහිටුවනවා, ඒ ස්ථිර විශ්වාසය අපට තියෙනවා. අපි ඉතා වගකීමෙන් කියනවා ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභා, නගරසභාවල බලය පිහිටුවන්න කිසිදු කෙනෙකුට සල්ලි දීලා, වරදාන දීලා, එහෙම නැත්නම් වෙන සම්පත් දීලා මන්ත්‍රීවරු ඩැහැගන්න ඒ විකෘති, ජරාජීර්ණ, පරණ ක්‍රමය පාවිච්චි කරන්නෙ නෑ. අපි ලබාගත්ත ජයග්‍රහණයට ශක්තියක් වෙන්න වෙනත් මන්ත්‍රීවරු කැමති නම් ඒ අයත් එක්ක වගකීම් බෙදාගෙන මේ පළාත් පාලන ආයතනවල බලය ගෙනියන්න අපි සූදානම්”

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 11) ගම්පහදී පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...