සටන් විරාමය සමඟ ඉන්දියාව හා පකිස්ථානය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දියාව හා පකිස්ථානය දශක ගණනාවකින් අනතුරුව පුර්ණ පරිමාන යුද්ධයක් ආසන්නයට පැමිණීම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයකට යාම ඉන්දියාව හා පකිස්ථානය ඔවුනොවුන්ගේ ජයග්‍රහණයක් වශයෙන් ප්‍රකාශයට පත් කරමින් සැමරුම් උත්සව පවත්වන බව වර්තා වේ.

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ඉන්දීය හමුදාවන්ගේ ඝෝෂාව පකිස්ථාන හමුදාවේ මූලස්ථානය වන රාවල්පින්ඩි වෙත ළඟා වූ බවත්, ඔපරේෂන් සින්දූර් ලෙස නම් කරන ලද හමුදා ප්‍රහාරය හමුදාමය පමණක් නොව ඉන්දියාවේ දේශපාලන, සමාජීය සහ උපායමාර්ගික කැමැත්තෙහි සංකේතයක් වූ බවත්ය.

පකිස්තානයේ දේශසීමාව අසල ද පෙළපාළි පැවැත්වූ අතර හමුදාවට මල් පෙති වැස්සක් වස්සමින් අගමැති ෂෙබාස් ෂරීෆ් මැයි 11 වන දින මෑත කාලීන ඉන්දීය ආක්‍රමණයට සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රතිචාරය අගය කිරීමක් ලෙස සඳහන් කර තිබිණි.

කෙසේ නමුත්, මෙම සටන් විරාමය වෙනුවෙන් මැදිහත් වූ එක්සත් කනධිපත් ට්‍රම්ප් සිය තෘත සමාජ වේදිකාවේ සඳහන් කර තිබුණේ, බොහෝ දෙනෙකුගේ මරණයට හා විනාශයට හේතු විය හැකි වත්මන් ආක්‍රමණය නැවැත්වීමට කාලය පැමිණ ඇති බව සම්පූර්ණයෙන් දැන ගැනීමට සහ තේරුම් ගැනීමට ශක්තිය, ප්‍රඥාව සහ ධෛර්යය තිබීම පිළිබඳව ඉන්දියාවට හා පාකිස්ථානයට සුබ පතන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...