රනිල් එන්නෙම රාජපක්ෂලාගේ වුවමනාවට.මේ මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිගන්නේ නැහැ! (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ චරිතය ඉදිරියට පැමිණෙන්නේ වෙන කිසිවෙකුගේ හෝ වුවමනාවට නොව රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී එහි නායකයින් හා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ භික්ෂූන් වහස්සේ පිරිසක් සමඟ පැවති සකචජවෙන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ පැමිණෙන්නේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සඳහා බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කිසිදු ජන පදනමක් නැති රනිල් වික්‍රමසිංහ වෙත අගමැති ධූරය ලබා දීම ජනතාව අපේක්ෂා කළ වෙනසක් නොවන අතර එම මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිනොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

මෙම සාකච්ඡාව වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,පූජ්‍ය මහාචාර්ය හොලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, පූජ්‍ය රජවත්තේ වප්ප හිමි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ එකළොස්නමක් වැඩමකර සිටියහ.

රටේ පවතින ප්‍රශ්නයට විසඳුම තිබෙන්නේ මාළිගා කුමන්ත්‍රණ තුළ නොව ජනතා බලයට මොනතරම් ඇහුම්කන් දෙනවාද යන සාධකය මත බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම තේරුම්ගත යුතුව ඇති බව මෙහිදී ජවිපෙ නායකයා කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සකස් කිරීමට යන නව ආණ්ඩුව පිළිගත නොහැකි බවටත් ජනතාවගේ වුවමනාව වෙනුවෙන් එය පරාජයට පත් කළ යුතු බවටත් දෙපාර්ශ්වයම එකඟත්වය ප්‍රකාශ කර ඇත.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පවතින අස්ථාවරත්වය නිමා කිරීම වෙනුවෙන් කෙටි කාලයක් ඇතුළත නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතු බව පෙන්වා දී ඇති අතර අතර එය සාකච්ඡාවට බඳුන් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...