හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීරගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය සිදුකරන බව සඳහන්.
එහිදී ප්රසන්න රණවීරගේ බිරිඳගේ නමට ලියාපදිංචි කළ ඉඩම් ඔප්පු විශාල සංඛ්යාවක් පිළිබඳ තොරතුරු දැනටමත් අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.
ප්රසන්න රණවීරට එරෙහි මෙම පැමිණිල්ල මීට කලකට ඉහතදී අල්ලස් කොමිසමට ලැබී ඇතත් එය යටගොස් තිබී ඇති බවත් වාර්තා විය.
2024 මැතිවරණ පරාජයෙන් පසු කලක් නිහඬව සිටි ප්රසන්න රණවීර පසුගිය දිනවල මාධ්ය හරහා ආණ්ඩුවට දැඩි ප්රහාරයක් එල්ල කරන ආකාරයක් ද දක්නට ලැබිණි.


