ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: රටට වැඩ කළ රට ත්රස්තවාදයෙන් රට මුදා ගත් නායකයින්ට අත තැබීම පහසු දෙයක් නොවන අතර එසේ වන්නේ නම් ඊට එරෙහිව මහජනතාව නැගී සිටින බවට විශ්වාසයක් ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
” මියගිය චන්ද්රසේන මහතාගෙන් බලහත්කාරයෙන් තර්ජනය කරලා ප්රකාශයක් ලබාගෙන තියෙනවා. ඒ ප්රකාශය ලබාගත් වහාම කපිල චන්ද්රසේන මහතා අධිකරණයට දැනුවත් කළා තමන්ගෙන් බලහත්කාරයෙන් මරණ තර්ජන කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම අදාළ ප්රකාශයට දාන්න බලකළා කියල. හැබැයි එහෙම තියාගෙන බලහත්කාරයෙන් මරණ තර්ජන කරලා නම් ලබාගෙන ඒ මත මේ රටට වැඩ කරපු මේ රට ත්රස්තවාදයෙන් ගලවා ගත්ත රට සංවර්ධනය කරපු රට වෙනුවෙන් පෙනී හිටපු නායකයින්ව ගෙන්වන්න, ඔවුන් නීතිය අවභාවිතා කරලා නීතියේ රැහැනට හසු කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා නම් ඒක එතරම් පහසු වෙන්නේ නැහැ. එකට විරුද්ධව මේ රටේ ජනතාව නැගී හිටිනවා කියල අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.” යනුවෙන් මහලේකම්වරයා සඳහන් කරයි.
ශ්රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම අල්ලස් කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අද (12) එම කොමිසමට කැඳවා තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ශ්රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ කපිල චන්ද්රසේන විසින් ලබා දී තිබෙන ප්රකාශයක් පාදක කරගෙන හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම වෙත කැඳවා තිබේ.
එයාර් බස් ගණුදෙනුවේදී අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි පැවසෙන ඩොලර් මිලියන දෙකක මුදලින් ලක්ෂ 600ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇතැයි කපිල චන්ද්රසේන විසින් ප්රකාශ කර තිබෙන බවයි ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම පවසා තිබුණේ.
හිටපු ගුවන් සේවා අමාත්ය පියංකර ජයරත්නද එම ගණුදෙනුවට අදාළව අල්ලස් ලබා ගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබෙන අතර ඔහුවද අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා විය.


