සටහන: සශිකලා මධුෂාණි
මැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පතල්කරුවන් විසින් දැවැන්ත ප්රමාණයේ දුර්ලභ රූබියක් සොයාගෙන තිබේ.
මෙය කැරට් 11,000 (කිලෝග්රෑම් 2.2 හෝ රාත්තල් 4.8) බරින් යුක්තවන අතර මෙය මියන්මාරයේ මැණික් කැණීම් කර්මාන්තයේ හදවත වන ඉහළ මැන්ඩලේ කලාපයේ මොගොක් නගරය අසලින් සොයා ගෙන තිබේ.
මෙම රූබියේ උසස් වර්ණය හා ගුණාත්මකභාවය නිසා වඩාත් වටිනාකමකින් යුක්ත එකක් වශයෙන් සැලකෙන අතර එය කහ පැහැති යටි ස්වර සහිත දම්-රතු පැහැයකින් යුත් උසස් තත්ත්වයේ වර්ණ ශ්රේණියක්, මධ්යස්ථ විනිවිදභාවයක් සහ ඉහළ පරාවර්තක මතුපිටක් ඇති බව විස්තර කෙරේ.
ලෝකයේ මැණික් වලින් 90% ක් පමණ මියන්මාරයෙන් හමුවන අතර, දශක ගණනාවක් තිස්සේ එහි හමුදා රජයන්ට අත්යවශ්ය ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත.

