*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” සුහුරු පන්ති කාමර පරිත්‍යාගය ලක්ෂ 2000 ඉක්මවයි. 182 අදියර සියඹලාණ්ඩුවට ! (VIDEO)

සුහුරු රටක් ගොඩනැගීම සඳහා පරිගණක, ශබ්දකෝෂ, සුහුරු පුවරු, ඖෂධ ආදිය බෙදා දෙන විට එම බෙදීමෙන් රටක් හදන්න බැහැ කියා අන්ත මාක්ස්වාදීන් කොමියුනිස්ට්වාදී සමාජවාදීන් කියන බවත් වැඩ බැරි මේ කයිවාරුකාරයොන්ගේ දරුවන් යන්නේ රජයේ පාසල්වලට හෝ රජයේ විශ්වවිද්‍යාවල නොව පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාවලට බවත් ඔවුන් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් ලබා රටේ දරුවන්ට බෙදන එක හොඳ නැහැ යැයි පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔවුන්ගේ දරුවන්ට සවිබල ගැන්වූ, ගුණාත්මක, තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දී සවිබල නොගැන්වූ පාසල්වලට පරිගණක හෝ සුහුරු පුවරු ලබා දෙන විට එයට අකුල් හෙලීමට කටයුතු කරන බවත් ඔවුන් කුමන විවේචනයක් කළත් එය බාර ගන්නා බවත් කවුරු මොන දේ කළත් සක්වල වැඩසටහන නොනවතින අධ්‍යාපන විප්ලවයේ පෙරමග ගමන්කරුවා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 182 වැනි අදියර යටතේ මොණරාගල සියඹලාන්ඩුව ඇතිමලේ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 117,7000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (12) එක්වෙමිනි. මෙම පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම්වලට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන්ම ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතීන් ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් මෙසේ අධ්‍යාපනය මූලික අයිතියක් බවට පත් කල පසු අධයාපන ඇමතිවරයා මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ සියලු නිලධාරින්ට බලකිරීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රැළිවලට හසු වෙලා රට බංකොලොත් වුණා

රැළිවලට හසු වූ නිසා රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් කරා යා යුතු බවත් පුද්ගල කේන්ද්‍රීය නිපුණතා සංවර්ධනය කරන අධ්‍යාපන වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

මහ රජාට ආයු බෝ වේවා කිව්වා ඇති

මෙතෙක් කලා මහ රජාණෙනි ආයු බෝ වේවා කිව්වත් තමාගේ අරමුණ තමා බලයේ සිටිනා වසර 5ක කාලය තුළ පුරවැසියන්ගේ ආයු බොහෝ වැඩි කිරීම බවත් ඒ වෙනුවෙන් වැඩ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 182ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2008ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan