කොළඹ LNW: දිවයිනේ ඇතැම් ප්රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු අඟවා තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම නිවේදනය නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොළ සහ කෑගල්ල , කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම, සහ රත්නපුර දිස්ත්රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ මෙම නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ASK