උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): අද (13) දින පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව විරෝධතා පා ගමන සහ උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙන බව පැවසේ.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත්තේ, මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු විසින් කළ ඉල්ලීමක් අනුවයි.

අද දින සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාල, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල විභාග මධ්‍යස්ථාන ලෙස ද අනුලා විද්‍යාලය විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධාන මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන හෙයින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කරුණු සලකා බලා මෙම විරෝධතා පා ගමන තහනම් කරමින් ආඥාව නිකුත් කර ඇති බවද සඳහන් වේ.

ඒ අනුව පහත සඳහන් වගඋත්තරකරුවන් ඇතුළු තැනැත්තන්ට මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කළ බව පොලීසිය දැනුම්දෙයි.

ඉසුර ඉඳුවර, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
හර්ෂ නිපුන්, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
උදාර රණසිංහ, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, නාවල විවෘත විශ්වවිද්‍යාලය
බුවනෙක දීපාල්, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, නාවල විවෘත විශ්වවිද්‍යාලය
ධම්මික එස්. ප්‍රියන්ත, මංගල දාබරේරා, සම සභාපති විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
දයාරත්න, සම සභාපති, අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ප්‍රේමරත්න, සම සභාපති, අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, නාවල විවෘත විශ්වවිද්‍යාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...