දැනට බලාපොරොත්තුව උපරිම 160 යි වෙනස් වෙන්නත් පුළුවන් – උපුල් තරංග

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 13, කොළඹ (LNW): මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් ලබා ගත හැකි ලකුණු ප්‍රමාණය 160 ක් පමණ විය හැකි බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.මෙ දිනවල අයිපීඑල් වැනි තරගාවලි ඇසුරේ නිර්මාණය වන දැවන්ත ලකුණු පූවරුවල අගයන් සැළකිල්ලට ගෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කණ්ඩායම තේරිම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් උපුල් තරංග මේ ආකාරයට අදහස් දක්වන්නට යෙදුණා.


ඔහු පෙන්වා දෙන්නේ මේ දක්වා තමන් සතුව ඇති තොරතුරු අනුව කරුණු ඉදිරිපත් කළ ද,ඇතැම් විට මේ තත්ත්වයන් වෙනස් විය හැකි බවය.දැනට ඇමෙරිකාවේ සහ කොදෙව් දූපත්වල තිබෙන තණතීරුවලට අනුව ඒවායේ හැසිරීම යම් ආකාරයක මන්දගාමී ස්වරූපයක් ගනු ඇතැයි විශ්වාස කරන බව පැවසූ තේරුම් කමිටු සභාපතිවරයා ඇතැම් විට මේ තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබෙන බව ද පෙන්වා දුන්නා.


දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ උපුල් තරංග පැවසුවේ තණතීරු සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවලට අනුව සමහර විට තරග පැවත්වෙන තිණතීරුවල යම් මන්දගාමි ස්වරුපයක් තිබුණොත් එහිදී වනිඳු හසරංගට සහ මහේෂ් තීක්ෂණට අමතරව වෙල්ලාලගේ ද දඟ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට එක් කිරීමට අපේක්ෂා කරන බවය.


ජනිත් ලියනගේ කණ්ඩායම තේරීම සඳහා නම් කරන ලද මුල් නම් 25 අතර නොසිටිය දී අවසානයේ සංචාරක අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට කැඳවීම ගැන ද මාධ්‍යයෙන් ප්‍රශ්න කිරීම් සිඳු කළේය.එහිදී ඔහු දක්වන ලද දක්ෂතා අනුව පසුව කණ්ඩායමට ගෙන ආ බවත් මුල් 25 අතර සිටීමම පදනම නොවන බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.විජයකාන්ත් වියස්කාන්ත් තවමත් දේශිය ක්‍රිකට් පිටියේ වැඩි අවස්ථාවක් නොලද ක්‍රීඩකයෙක් වුව ද,ඔහු විදේශ තරගාවලිවලදී ලැබෙන දක්ෂතාවය පදනම් කරගෙන මේ තරගාවලියේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස ඇතුළත් කිරීමට තීරණය කළ බව ද පැවසීය.


ඔහු බලාපොරොත්තු සහගත අනාගතයක් හිමි ක්‍රීඩතයෙක් ලෙස පන්දු යැවීම,ශාරීරක හැඩය ආදී කරුණු පෙන්වා දෙමින් මෙහිදී තේරීම් කමිටු සාමාජිකයන් වන අජන්ත මෙණ්ඩිස් සහ දිල්රුවන් පෙරේරා ද අදහස් දැක්වූහ.සම්පූර්ණ විස්තරයට මීට පෙර සජීවි විකාශයට LNW හරහා ලබා දුන් පහත සබැඳියෙන් පිවිසිය හැකිය.
https://sinhala.lankanewsweb.net/05/13/111008/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...