කොළඹ මහ නගරසභාවේ බලය පිහිටුවීමේ සටන රනිල් අතට ගනී ?

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවුණු කොළඹ මහ නගරසභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි.

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා පෙරේදා (11) දිනයේදී යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගරසභාවේ බලය ඇල්ලීමේ සටනට මැදිහත්ව සිටින බව වාර්තා වේ.

ඒ මහතා මේ වනවිටත් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුම සමග සාකච්ඡා පවත්වා ඇති අතර ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විපක්ෂයේ සියලු දෙනාටම එකඟ විය හැකි මෙන්ම කොළඹට වැඩක් කළ හැකි ශක්‍යතාවයෙන් යුතු නායකයකු කොළඹ නගරාධිපති තනතුරට පත්කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙසේ සාකච්ඡා පැවැත්වෙන බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...