අගමැති රනිල්ගෙන් කඩිනමින් සහන අයවැයක් …

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින්ම නව අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය සහන සැලසීම මෙහි මූලික අරමුණ වී ඇති බව සඳහන්.

වික්‍රමසිංහ මහතා 2015 වසරේදී අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ පසුවත් ජනතාවට විශාල වශයෙන් සහන සලසමින් අයවැයක් ඉදිරිපත් කළ අතර මෙවර ද ඒ ආකාරයෙන්ම කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මුලින්ම ජනතාවට අත්‍යාවශ්‍ය සහන ලබාදී ජනතාවට ජීවත් වියහැකි තත්වයක් නිර්මාණය කර ඉන් පසුව ආර්ථිකය යථාවත් කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට සැලසුම් කර ඇති බවත් වාර්තා විය.

මේ සහන අයවැය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට වික්‍රමසිංහ මහතා විදෙස් රටවල් කිහිපයක් සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...