*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

Gestetner-Telkom සමාගම Transsion Holdings සමඟ එක්ව ශ්‍රී ලංකාවට TECNO Mobile හඳුන්වාදෙයි

සේයා රූ : 

  1. Gestetner-Telkom සහ TECNO Mobile නිලධාරීහු 
  2. The TECNO POP 5 LTE ජංගම දුරකථනය 

දශක 7කට වැඩි කාලයක් පුරා මෙරට කාර්යාලයීය උපකරණ සම්පාදනයේ ප්‍රමුඛයා වන Gestetner of Ceylon සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Gestetner-Telkom සමාගම පසුගියදා ජංගම දුරකථන අලෙවි ක්ෂේත්‍රයට පිවිසෙමින් TECNO Mobile සන්නාමය හිමි Transsion Holdings සමඟ විශේෂ සහයෝගීතාවකට එළඹුණි. ඒ සමඟ, ලොව ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙන්ම විශේෂයෙන්ම අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපවල ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග සඳහා වෙළෙඳපොළ ආකර්ෂණය හිමිව ඇති TECNO Mobile හි ජාතික බෙදාහැරීම් නියෝජිතයා ලෙස Gestetner-Telkom සමාගම නම් කෙරුණි. 

“Stop At Nothing” යන තේමාව රැගත් TECNO Mobile, පාරිභෝගිකයින්ගේ ස්මාර්ට් සහ විචිත්‍රවත් ජීවන රටාවට කදිමට ගැලපෙන උසස් සහ නවීන ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් හඳුන්වාදී ඇත. වර්තමානය වන විට, රටවල් 70ක අලෙවි මධ්‍යස්ථාන 80,000කට වැඩි සංඛ්‍යාවක් හරහා TECNO Mobile පාරිභෝගිකයින්ට සමීප වී තිබේ. ගෝලීය සහ දේශීය පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන රැසකින් ද සමන්විත මෙම දුරකථන සන්නාමය, එහි නිෂ්පාදන නිමැවුම, කැමරාව සහ සන්නාම ජනප්‍රියතාව වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 

ජංගම දුරකථන ආනයනය වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Gestetner-Telkom සමාගම, සිය ප්‍රාදේශීය විකුණුම් නියෝජිත ජාලය හරහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙරට තාරුණ්‍යය වෙනුවෙන් TECNO Mobile දුරකථන එළිදක්වා ඇත. 

“Gestetner of Ceylon PLC සමාගම, ‘Gestetner-Telkom‘ නාමය යටතේ ජංගම දුරකථන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනවා. Transsion Holdings සමාගමත්, TECNO සන්නාමයත් සමඟ සහයෝගයෙන්, අපගේ වටිනා පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ ස්මාර්ට් ජංගම දුරකථන මෙන්ම විධිමත් අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමටත් අපි සූදානමින් සිටිනවා″, යනුවෙන් Gestetner of Ceylon PLC සභාපති සයිඩ් අන්සාර් මහතා ප්‍රකාශ කළේය. 

“ශ්‍රී ලංකාවේ අපගේ ව්‍යාපාරික සහකරු ලෙස Gestetner-Telkom සමාගම තෝරාගැනීමට හැකිවීම අපට විශාල සතුටක්. දශක ගණනාවක් පුරා විහිදුණු ඔවුන්ගේ ප්‍රවීණත්වයත්, අසමසම සේවාවත්, ඊට බද්ධ වූ ඔවුන්ගේ නවීන ප්‍රතිරූපය සහ ජවය තුළ ශ්‍රී ලංකාවේ තරුණ පාරිභෝගිකයින් අතර වැඩිම අවධානය යොමුවුණු සන්නාමයක් බවට TECNO පත්වනු ඇතැයි අපි තදින්ම විශ්වාස කරනවා″, යනුවෙන් Transsion Holdings සමාගමේ මෙරට අධ්‍යක්ෂ රේ චෝව් මහතා පැවසුවේය. 

Gestetner-Telkom සමාගම 2022 අප්‍රේල් මාසයේදී නවතම TECNO POP 5 LTE ස්මාර්ට් ජංගම දුරකථනය මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට ද කටයුතු කළේය. අඟල් 6.52ක HD+ Dot Notch තිරයක්, අධි බලැති 5000 mAh බැටරියක්, 8MP AI ද්විත්ව පසුපස කැමරා පද්ධතියක් (Dual Flash සහිත), 32GB ROM, 2GB RAM සහ ඇඟිලි මුුද්‍රා ආරක්ෂාව ඇතුළු පහසුකම් රැසකින් මෙම දුරකථනය සන්නද්ධ ය. 

නුදුරේදීම TECNO Spark 8C ජංගම දුරකථනය ද හඳුන්වාදීමට Gestetner-Telkom සැලසුම් කර තිබේ. එය, අඟල් 6.6ක HD+ Dot Notch තිරයක්, 6GB RAM අධි බලැති 5000 mAh බැටරියක්, 13MP AI ද්විත්ව පසුපස කැමරා පද්ධතියක් (Dual Flash සහිත),  13MP ඉදිරිපස සෙල්ෆි කැමරාවක් (Flash සහිත) සහ IPX2 Splash Resistant ඇතුළු පහසුකම් රැසකින් සමන්විත ය. 

“නවීන ලෝකය තුළ මිනිසුන්ට එකිනෙකා හා සම්බන්ධ වීමට ස්මාර්ට් දුරකථන උපකාරී වෙනවා. Gestetner-Telkom සමාගම වශයෙන් අප ද, TECNO සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙමින් ස්මාර්ට් උපාංග හරහා මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ කිරීමට දායක වුණා. අපගේ පාරිභෝගිකයින්ට විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් සමඟ අසමසම නිෂ්පාදන රැසක් සමීප කරවීම අපගේ බලාපොරොත්තුවයි″, යනුවෙන් Gestetner-Telkom සාමාන්‍යාධිකාරී මංජුල ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. 

නවෝත්පාදනය, තාක්ෂණික සහ කලාත්මක වර්ධනයක් ද සමගින් විවිධත්වයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථන සහ ස්මාර්ට් AIoT නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම TECNO සන්නාමයේ අපේක්ෂාවයි. එහිදී වෙසෙසින්ම, ලොව පුරා හදවතින් තුරුණු සහ ප්‍රගතිශීලී පාරිභෝගිකයින් වෙනුවෙන්ම, නවීන තාක්ෂණික විසඳුම් සැපයීමට TECNO කැපවී ක්‍රියාකරයි. වැඩිදුර තොරතුරු සඳහා https://www.tecno-mobile.com/lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 

  • අවසන් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan