ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කටයුතු සඳහා කියුබාවේ සහාය

රෂිකා හෙන්නායක මැයි 12, කොළඹ LNW :

කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය අතර හමුවක් අද (13දා) පැවැත්විය. ඒ අනුව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු එහි නිලධාරී මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනය විසින් ක්‍රීඩාවට අදාළ අධ්‍යාපනික කටයුතු සිදුකෙරෙන අතර, ඒ වෙනුවෙන් කියුබාවට දැක්විය හැකි සහාය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි.


එමෙන්ම මේ වන විටත් වලංගු තත්ත්වයේ පවතින දෙරටේ ක්‍රීඩා සංවර්ධනයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කියුබාව අතර 2012 වසරේදී අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...