ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනවලට එරෙහිව ක්‍රියාමාර්ග කෝ? බලධාරීන් බුදි ද??

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් බවට පත්ව තිබෙන මොහොතක බලධාරීන්ට ඊට දක්වන ප්‍රතිචාරයේ හීන බව ඉතා කණගාටුදායක කරුණකි. 2020 සිට 2022 ජූලි දක්වා මෙරට දරුවන් 17 දෙනෙකු ශාරීරීක/ලිංගික අපයෝජනයන්ට ලක්ව ඝාතනයට පවා ලක්කර තිබුණ ද, එය බලධාරීන්ට තබා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සිරස්තලයක් වත් නොවීම පුදුමය දනවන්නකි.

ළමා ආරක්ෂණය වෙනුවෙන් හඬ නඟන ළමා ආරක්ෂණ සන්ධානය ළමා ආරක්ෂණය පිළිබඳව වාචිකවන පාර්ශවයන් පවා ආමන්ත්‍රණය කිරීමට පැකිළෙන ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනය පිළිබඳ කරුණු අනාවරණය කර සිටින අතර, මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) වෙත ලිපියක් සහ සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු පාර්ශවයන් 45ක ගේ අත්සනින් යුතු ලිපියක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනතෙහි එම අධිකාරියේ කර්තව්‍ය ලෙස 14(ග) වගන්තියේ සඳහන් කර ඇති “ළමුන් සඳහා ළමා රැකවරණ සේවා සපයන සියලු ආගමික හා පුණ්‍ය ආයතන අධීක්ෂණය කිරීම හා ඒ පිළිබඳව නියාමනය කිරීම” යන වගන්තිය සිහිපත් කරන ළමා ආරක්ෂණ සන්ධානය, ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනයන්ට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...