ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනවලට එරෙහිව ක්‍රියාමාර්ග කෝ? බලධාරීන් බුදි ද??

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් බවට පත්ව තිබෙන මොහොතක බලධාරීන්ට ඊට දක්වන ප්‍රතිචාරයේ හීන බව ඉතා කණගාටුදායක කරුණකි. 2020 සිට 2022 ජූලි දක්වා මෙරට දරුවන් 17 දෙනෙකු ශාරීරීක/ලිංගික අපයෝජනයන්ට ලක්ව ඝාතනයට පවා ලක්කර තිබුණ ද, එය බලධාරීන්ට තබා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සිරස්තලයක් වත් නොවීම පුදුමය දනවන්නකි.

ළමා ආරක්ෂණය වෙනුවෙන් හඬ නඟන ළමා ආරක්ෂණ සන්ධානය ළමා ආරක්ෂණය පිළිබඳව වාචිකවන පාර්ශවයන් පවා ආමන්ත්‍රණය කිරීමට පැකිළෙන ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනය පිළිබඳ කරුණු අනාවරණය කර සිටින අතර, මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) වෙත ලිපියක් සහ සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු පාර්ශවයන් 45ක ගේ අත්සනින් යුතු ලිපියක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනතෙහි එම අධිකාරියේ කර්තව්‍ය ලෙස 14(ග) වගන්තියේ සඳහන් කර ඇති “ළමුන් සඳහා ළමා රැකවරණ සේවා සපයන සියලු ආගමික හා පුණ්‍ය ආයතන අධීක්ෂණය කිරීම හා ඒ පිළිබඳව නියාමනය කිරීම” යන වගන්තිය සිහිපත් කරන ළමා ආරක්ෂණ සන්ධානය, ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනයන්ට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන...

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...