*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/13

01. බස්නාහිර පළාත තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තව යන ඩෙංගු රෝගයට ප්‍රතිචාර වශයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශේෂ ඩෙංගු නිවාරණ සහ මර්දන වැඩසටහනක් දියත් කෙරේ: මේ සඳහා කණ්ඩායම් 60ක් පමණ යොදවා ඇත: 2023 වසරේ වාර්තා වූ ඩෙංගු ආසාදන සංඛ්‍යාව 30,000 ඉක්මවයි; එම ආසාදන අතුරින් සියයට 50ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

02. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, දකුණු-දකුණු සහයෝගිතා (SSC) වැඩසටහනේ කොටසක් ලෙස චීනයේ අරමුදල් මත ඇ.ඩො. මිලියන 1.5 ක ව්‍යාපෘතියක් ආරම්භ කරයි: ශ්‍රී ලංකාවේ පලතුරුවල වෙළඳ වටිනාකම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මකවන දාමයන්වල පළතුරු නිෂ්පාදනය සහ වාණිජකරණය වැඩිදියුණු කිරීම මඟින් මෙරට පළතුරුවල ගෝලීය වෙළඳපොලේ ගුණාත්මකභාවය සහ වටිනාකම ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කරයි: කළුතර, ගම්පහ, මොණරාගල, අනුරාධපුර සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත.

03. මහජනතාව පමණක් නොව බැංකු ක්ෂේත්‍රය පවා ව්‍යාකූලභාවයට පත් කරන ‘ණය ප්‍රශස්තකරණය’ වැනි සංකීර්ණ වදන් හඳුන්වා දෙමින් රනිල් ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන්නේ ද සුපුරුදු පරිදි ණය ගෙවා දැමීම සඳහා රජයේ දේපළ විකිණීම ම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහ පවසයි: රජයේ මෙම ප්‍රතිපත්තියට එරෙහි වෙමින් රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමට ඒකරාශී වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

04. ඉදිරි වසර 10 තුළ “දැනුමෙන් සහ හැකියාවන්ගෙන් පෝෂණය වූ” තරුණ පරපුරක් බිහිකිරීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: මේ සම්බන්ධයෙන් දැනටමත් කැබිනට් මණ්ඩල කමිටුවක් පත්කර ඇති බව පවසයි: පසුගිය වසර 10 තුළ ව්‍යාපාර සඳහා වියදම්කළ මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදවූයේ නම් “ආසියාවේ හොඳම අධ්‍යාපනය” ශ්‍රී ලංකාව සතුවීමට ඉඩ තිබූ බව ද පවසයි.

05. මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වරට තොරතුරු දැනගැනීම සඳහා ඇති නිදහසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව, වාරණයට ලක්ව සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරු දර්ශන හඳුන්ගොඩ වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෝ පවසති: නීතීපතිවරයාගේ කාර්යභාරය විය යුත්තේ ජනතාවට හිතැති දේ කිරීම බව අවධාරණය කරයි: නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බවට ද චෝදනා කරයි.

06. කීර්තිමත් චීන ගුවන් සේවයක් වන එයාර් චයිනා 2023 ජූලි මස සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි: එම ගුවන් සමාගම ආරම්භයේ දී සතියට ගුවන් ගමන් තුන බැගින් ක්‍රියාත්මක කරනු ඇති බව පවසයි: “සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සහ දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීම, සහ එමඟින් සංචාරකයින් සඳහා නව මංපෙත් විවර කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම” මෙම පියවරේ අරමුණ බව ද පවසයි.

07. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පා.ම. පාටලී චම්පික රණවක යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි: රඹුක්වැල්ල අමාත්‍යවරයාට පැනවූ ගමන් තහනම නොවැම්බර් 30 දක්වා ඉවත් කිරීමටත්, රණවක මන්ත්‍රීවරයාට පැනවූ ගමන් තහනම සැප්තැම්බර් 23 දක්වා ඉවත් කිරීමටත් කටයුතු කරයි.

08. “දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ගෝලීය ප්‍රයද්නයන් ශක්තිමත් කිරීම සඳහා” ලොව ප්‍රථම ජාත්‍යන්තර පාරිසරික විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවන බව, 10 වෙනි 2020 – 2021 පරිසර පුරෝගාමී ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට (Environment Pioneer President’s Medal Awarding Ceremony) සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

09. ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි සතු රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සතු සමාගමක් වන සිලෝන් බෙවරේජ් ඉන්ටර්නැෂනල් (Ceylon Beverage International) සමඟ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වෙයි: ඉන්දියානු සිසිල් බීම වෙළඳපොලේ උපරිම කොටස අත්පත් කර ගැනීමේ අරමුණින් යුතුව මෙසේ ගිවිසුම්ගත වන රිලයන්ස් සමාගම, සිසිල් බීම වෙළඳපොලේ ප්‍රධාන තරඟකරුවන් වන පෙප්සි (Pepsi) සහ කොකා-කෝලා (Coca-Cola) හමුවේ ශක්තිමත් තරඟකරුවකු ලෙස ඉදිරියට පැමිණීමට අපේක්ෂා කරයි.

10. බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව ලකුණු 44ක ජයක් වාර්තා කරමින් එස්එස්සී පිටියේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-විස්ස තරඟයෙන් තරඟමාලාව 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සමත් වෙයි: හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා අර්ධ ශතක ලබාගනිමින් හතරවැනි කඩුල්ලට ලකුණු 102ක නොබිඳුණු සබඳතාවයක් ලබා ගනිති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan