සෞඛ්‍යය ඇමති සිටියදීම රාජිතට මුලසුන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අතර  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරු ඇතුලු හෙද නිලධාරීන් 3000 ක පමණ පිරිසක් සහභාගීව සිටියහ.

හෙද නිලධාරීන්ගේ අනාගතය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සේවයේ නියුතු සහ අලුතින් සේවයට එක්වන්නට බලාපොරොත්තුවෙන් සිටින අයට තම වෘත්තීය අධ්‍යාපනය උපාධි මට්ටමක් දක්වා හැදැරීමට අවශ්‍ය කරන හෙද පුහුණු පාසලක් නුදුරේදීම ආරම්භ කිරීම සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ වනවිටත් උපදෙස් ලබාදී තිබෙන අතර රට ආර්ථික වශයෙන් අර්බුධයකට ලක්ය තිබීයදීත් අප රටේ සෞඛ්‍ය සේවයේ සහ හෙද නිලධාරීන්ගේ අනාගතය වෙනුවෙන් මෙවන් කැපකිරීමක් කිරීම පිළිබඳව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් මෙහිදී ඇගයීමට ලක්කෙරිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...