*
Friday, November 22, 2024
spot_img

Latest Posts

පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ලාංකේය ජයග්‍රහණය සටහන් කළ බක්කරේ

සටහන – නිශ්මං රණසිංහ

මැයි 14, කොළඹ (LNW): පාන් නැත්නම් කේක් කාපල්ලා ප්‍රංශ කියමනකි.ප්‍රංශ විප්ලවය සිඳු වෙමින් තිබෙන සමයේ මතුව ආ මේ කියමන මාරි ඇන්ටොනෙට් බිසව කියා ඇති බව ඉැගැන්වේ.එහෙත් එය වැරදි බවට ද තොරුතුරු වාර්තා වුව ද තවමත් ඒ ගැන හරි විමසීමක් බලා හරි වැරද්ද තහවුරු කර ගත් බවක් දකින්නට නැත.එසේම එහිදී කේක් නොව කන්නට කියා ඇත්තේ බ්‍රියෝෂ් නම් පාන් වර්ගයක් බව ද පෙන්වා දෙන්නේ වාසිතය නම් බ්ලොග් අඩිවියය.


“Qu’ils mangent de la brioche” යන්න ප්‍රංශ බසින් තබන එම බ්ලොග් අඩවිය එහි අදහස එයාලට බ්‍රියොෂ් කන්න කියන්න යනුවෙන් ද පෙන්වා දෙයි.


ඒත් මේ මොහොතේ ප්‍රංශයේ පාන් කතාව සම්බන්ධ වන්නේ රජ පරම්පරාවයට නොවේය.ලාංකිකයෙක්ටය.ඔහු තර්ශන් සෙල්වරාජ් ය.ප්‍රංශයේ පැරිස් නගරයේ රසවත්ම පාන් වෙළෙන්දා ඔහු කීම වැරදි නැත.ඒ රස ගුණ සනාත කරමින් තරගකරුවන් 175 දෙනෙක් අතරින් තර්ශන් හොඳම පාන් හිමියා ලෙස තෝරා ගෙන ඇත.


ඒත් දැන් කතාව පාන් පමණක් නොවේය.එයට ඔලිමිපික් ද ඈදී ඇත.ඔලිමිපික් ගිණි සිළුව රැඟෙන දුවන්නන් අතරට තර්ශන් ද තෝරා ගෙන ඇත.එය පහසු නැත.එහෙත් ප්‍රංශය වැනි රටක යමකට සුදුසු වන්නේ සුදුසුකම් ඇති අය නිසා තර්ශන්ගේ සුදුසුකමට සුදුසු තැන ලැබී ඇත.
මේ වන විට ප්‍රංශ ජනාධිපති මන්දිරය වන එලිසි මාළිගයට පාන් සපයන්නේ ද තර්ශන් ය.ඒ සඳහා තේරී පත්වීමේ ජයග්‍රහණය සහ ගෞරවය සමඟම ඔහු යුරෝ 4000 ක ත්‍යාග මුදලකට ද හිමිකම් කිවේය.ඔහු මේ ජයග්‍රහණය ලැබූ විට ද,මේ මොහොත වන විට ජූලි 15 වන දින ප්‍රංශයේ දස දහසකට හිමිවන ඔලිම්පික් පහණ රැඟෙන දිව යාමේ අවස්ථාවෙන් එක් අයෙකු වූ විට ද තර්ශන්ගේ දක්ෂතාවයන් උත්කර්යට නංවන්නේ ඔහුගේ ලාංකේය සම්භවය ද සමඟින්මය.


ඔහු 2006 දී මෙරටින් නික්මෙන්නට සිතන්නට ඇති ආසන්නම හේතුව දෙමළා සම්බන්ධ සැක මුසු බැල්මය.එය ජීවත්වීම කෙරෙහි ඇති කරන සැක මුසු බලපෑමය.අද ඔහු තමන්ට ජීවිතය ගැන සැක ඇති කළ බිමට ගෞරවය ගෙන එන පුරවැසියෙක්ය.මෙවැනි මිනිසුන් විශාල පිරිසක් මව්බිමට අහිමි කිරීම හැරෙන්නට යුද්ධය දිනා දුන් දෙයක් නැත.රටක් ඇතුළත සියල්ලන් ඒ රටේ පුරවැසියන් ලෙස සමව පිළිගන්නා තැනකට පිවිසීම දියුණු පාලන තන්ත්‍රයක ස්වභාවය වන්නේය.එසේ නොවන බෙදීම් රට ගැන බැදුණු මිනිසුන් නිර්මාණය කිරීමට අපොහොසත්ය.තර්ශන්ගෙන් ඉගෙන ගත හැකි ඉහළම පාඬම එය නොවේද?


ඉතාලි අවන්හලක සේවකයෙක් ලෙස සේවය ඇරඹූ තර්ශන් 2017 දී තනිව උර දුන් පාන් ව්‍යාපාරය අද වන විට එරට නායකයාගේ කුස පුරවන රස සනසන රාජ්‍ය අනුග්‍රහය සහ ගෞරවය ලබන ව්‍යාපාරයක් වී ඇත.තර්ශන් ඒ සාර්ථකත්වය ගැන කියන්නේ තමන්ගේ ආහාර ආදරයෙන් සකස් කිරීම ඒ ආහාරවල රසයේත් ගුණයේත් සාර්ථකත්වය බවය.සමහර විට ලොව සිය දෙසින් පැමිණෙන මිනිසුන්ගෙන් පැරිස් නුවර පිරී යන ඔලිමිපික් උළෙලේ දී තර්ශන්ගේ රස ජාත්‍යන්තරය මීටත් වඩා හොඳින් විඳිනු ඇත.
අපි තර්ශන්ට හදවතින්ම සුබ පතමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan