ඊශ්‍රායලයේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව පලස්තීනය වෙනුවෙන් අපි හිටගන්නවා – සජිත්

Date:

කොළඹ LNW:පලස්තීන ජනතාවට දශක ගණනවක් සිදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කර ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මිනිමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවුන්ගේ ජන්ම භූමිය විනාශ කර රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රහාරය හෙලා දකිනා අතර එයට විරුද්ධව ලෝකයා ඉදිරියේ සිට ගන්නා බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පලස්තීනුවන් වෙනුවෙන් සහාය පළ කරමින් ඊයේ (13) කොළඹදි පැවැති විරෝධතාවක් අතරතුරය.

වහාම සටන් විරාමයට ගොස් කුසගින්නේ බඩගින්නෙන් සිටින පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

පිට පිටම ඊශ්‍රායල් රජය සාකච්ඡා බැහැර කර පලස්තීනුවන්ගේ නිජබිම විනාශ කරණ රාජ්‍ය ත්‍රස්තවාදය හෙළා දකින බවත් මේ මිනිමරු ත්‍රස්තවාදයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල් අගමැතිවරයාට කියා සිටින බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...