පියාඹන ටැක්සි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලබන 2025 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පියාඹන ටැක්සි සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

එක් පුද්ගලයකුට එමිරේට්ස් ඩිරාම් 350ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් තිස්දහසක් පමණ) එරට විවිධ ගමනාන්ත දක්වා ගමන් කළ හැකි පියාඹන ටැක්සි සේවය සාමන්‍ය මාර්ගයක පැයකට ආසන්න කාලයක් වැයවන දුර ප්‍රමාණයක් මිනිත්තු 10කින් සම්පූර්ණ කළ හැකි බව ද පැවසේ,

අමෙරිකාව කේන්ද්‍ර කරගත් ගුවන් සේවා සමාගමක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත එම ටැක්සි සේවය නගරයේ රථවාහන තදබදයට විසඳුමක් වනු ඇතැයි ද, නගරයේ රථවාහන තදබදය 70% කින් පමණ අවම කරනු ඇතැයි ද ඩුබායි පාලනාධිකාරිය විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මගීන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් පියාඹන ටැක්සි සේවය කෙටි ගමන්වාරවලදී මීටර් 100ත්, 500ත් අතර උසකින් සහ දුර ගමන් සේවා මීටර් 1000ක පමණ උසකින් ගමන් කිරීමට සැලසුම් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මගීන් සිව්දෙනකුට ගමන් කළ හැකි පියාඹන ටැක්සිවල ගමන් මලු ඇසිරීම සඳහා වෙනම ඉඩකඩක් වෙන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...