ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මාර්තු 25 වන දි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවුණු අතර, ඒ අනුව නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...