*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මියන්මාරයේ සිරවූ තරුණයින් ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතා!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ , මියන්මාරයේ සිරවී සිටින තරුණයින් බේරාගැනීමට මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයට ගොස් මේ පිළිබඳ සාකච්ඡාවකට එක්වන බවත් , තායිලන්තයේ බැක්කොත් වෙත ගොස් DKBA හමුදා ප්‍රධානීන් සමඟ සහ තායිලන්තය අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටත් සැලසුම් කර ඇති බවයි.

ඔහු පාර්ලිමේන්‍තුවේදී වැඩිදුරටත් පැවසුවේ,

“මියන්මාරය පිළිබඳ අපි නිතරම අවධාරණය කරන කාරණාවේදී තවමත් තරුණයින් 48 දෙනෙක් මුදා නොගත් ප්‍රදේශවල ඉන්නවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, විපක්ෂ විදියට අපේ කාර්යභාරය අපි විදේශ අමාත්‍යතුමාට කිව්වා. අපි එක පැත්තකින් එතුමාට ස්තූතිවන්ත වෙනවා. මම කියනවා විපක්ෂ නායකතුමාගේ ආශිර්වාදය මේ 48 දෙනා අපට පුළුවන් මානයෙන් ඔවුන් පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමටත්, ඔවුන් මෙරටට ගෙන ඒමට අපට පුළුවන් උපරිම දායකත්වය ලබාදීමටත් අපි උත්සාහ කරනවා. මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයට මේ පිළිබඳ සාකච්ඡාවකට අපි යනවා. ඒ වගේම තායිලන්තයේ බැක්කොත් වලටත් ගොස් DKBA හමුදා ප්‍රධානීන් සමගත්, තායිලන්තය අධිකරණ අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.

ඒ සැලසුමට අනුව අපි විශ්වාස කරනවා සාධනීය ප්‍රතිඵල අපිට ගන්න පුළුවන් වෙයි කියලා. විපක්ෂයට බොහෝ විට චෝදනා කරනවා. බඩු ගෙදරවා බොහෝ සේවා සපයනවා මේක නෙමේ විපක්ෂය කාර්යභාරය කියලා. නමුත් මේ කාරණාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ප්‍රකාශ කළාට පස්සේ එතුමා කිව්වා එතුමගෙ පැත්තෙන් මේ සාකච්ඡා වලට ගිහිල්ලා මේ දරුවන් තරුණයන් බේරා ගැනීම වෙනුවෙන් අපට කරන්න පුළුවන් ක්‍රියාවලිය කරන්න. ආණ්ඩුව දිහාම බලාගෙන ඉන්නේ නැතුව, ආණ්ඩුව සහයෝගයක් ලබාගෙන මේ මියන්මාරයත් තායිලන්තයත් කියන රටවල් දෙකට පුද්ගලිකව සහභාගී වෙලා මේ දරුවන් මේ රටට ගෙන ඒමට සාකච්ඡා කරන්න කියලා අපට පණිවිඩය දුන්නා. මේ සම්බන්ධයෙන් අපි විපක්ෂ නායකතුමාට ස්තූතිවන්ත වෙනවා. බොහෝ දෙනා ගල් ගැසුවාට මේ සේවා සම්පාදනය පිළිබඳව ඒ අය කවද හරි ආණ්ඩුවක් ගන්නකම් එතුමා කරන ක්‍රියාවලියට යම්කිසි ස්තූතියක් පුද කරන්න ඕන. එය මම හිතනවා විවේචනයට ලක් කළ යුතු කාරණාවක් නොවෙයි කියලා.” ලෙසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan