(VIDEO):ගාසා තීරයේ යුද්ධයක් නෙවෙයි ජන සංහාරයක් වෙන්නේ.ඊශ්‍රායලයට එරෙහිව නැගිටින්න!

Date:

කොළඹ LNW:මේ වන විට ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව යුද්ධයක් නොව ජන සංහාරයක් සිදුකරමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

ඒ, අද (14)පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ඊශ්‍රායලය ගෙන යන මිලේච්ජ ත්‍රස්තවාදයට එරෙහිව අද ලෝකයක් පලස්තීනය සමඟින් එක්ව සිටින තත්ත්වයක් ගොඩ නැගී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.

මානව අයිතිය වෙනුවෙන් ලෝකය පුරා කතා කරන ඇමරිකාව,යුරෝපය ප්‍රමුඛ රටවල් පලස්තීනය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිගත නොහැකි අතර ඔවුන්ගේ මානව හිමිකම් භූමියෙන් භූමියට වෙනස බවයි සේනාරත්න මහතා කියා සිටියේ.

මේ අතර එළඹෙන 17 වැනිදා පලස්තීනයට සහය පළකරමින් පාගමනක් ද කොළඹදී සංවිධානය කර තිබෙන අතර ඊට හැකි සියලු දෙනා සහභාගී වන ලෙසයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...