(VIDEO): ජාත්‍යන්තර ගැටුමේදී සුහුරු බලයක් ලෙස නැගී සිටිමු – චම්පිකගෙන් යෝජනාවක්

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර ගැටුමේ දී ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයකට පිවිසිය යුතු වන අතර යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සුහුරු බලයක් ලෙස නැගී සිටිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ,අද (14) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ජාත්‍යන්තර ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට විශාල කාර්යභාරයක් ඇති අතර ඉන්දියානු සාගරයේ අපේ පිහිටීමත් සමග, මහ බලවතුන් අතර අපත් ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් සුහුරු බලයක් හැටියට නැගී සිට යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් කර ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“ලෝක ඉතිහාසය දිහා බලන කොට, විශේෂයෙන් මේ විසි එක්වැනි සියවස දිහා බලන කොට මෙතෙක් කාලයක් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ, මේ ලෝකයේ තිබූ සාමකාමී වටපිටාව වෙනස් වෙලා යුද ගැටුම් සහිත නව සාමාන්‍ය තත්ත්වයක් ලෝකය පුරා ගොඩනැගෙමින් තිබෙනවා. එක පැත්තකින්, බටහිර ආසියාවේ, මැදපෙරදිග, ඒ ඇතිවෙලා තියෙන ඊශ්‍රායෙල් හමාස් ගැටුම. අනිත් පැත්තෙන් රුසියාව හා යුක්‍රේනය අතර නැගෙනහිර යුරෝපයේ ඇතිවෙලා තියෙන මේ ගැටුම විසින් අද මුළු ලෝකය ම නව යුද ගැටුම් සහිත සාමාන්‍යයකට ලක් වෙලා තියෙනවා. මේ ලෝක ඉතිහාසය දිහා බලන කොට අපට පේනවා ලෝකය විශේෂයෙන්ම පසුගිය අවුරුදු හයසීයක පමණ කාලය පුරා එක බලගතු රාජ්‍යයක් පසු කර යන්නට තවත් බලගතු උත්සාහ කරන අවස්ථාවල දී මේ වගේ අසාමාන්‍ය ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙමින් තිබෙනවා. දේශපාලන විද්‍යාඥයින්, තුසිඩයිඩ් උගුල, එහෙම නැත්නම් Thucydides Trap, කියලා මේක හඳුන්වන්නේ. දෙවැන්නා පළමුවැන්නා, ඉස්සර කරන්න යාම.

අද වසර ගණනාවක්, විශේෂයෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ, විශේෂයෙන්ම, 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පස්සේ, ලෝකයේ තනි ආර්ථික, දේශපාලන යුද බලවතා හැටියට හිටපු ඇමරිකා එක්සත් ජනපදයට දැන් ඒ හැම බලගතු අභියෝගයක් ආසියාවෙන්, විශේෂයෙන්ම චීනයෙන් එල්ල වෙලා තිබෙනවා. ඒ වගේ ම රුසියාවෙන් එල්ල වෙලා තිබෙනවා. මේ ගැටුම් හරහා, අපට පේනවා ඒ යටින් යන ඒ සීතල යුද්ධය දැන් විවෘත ක්‍රියාවලියකට මග පාදලා තියෙන බව. ඒ වගේම මේ අරගලයෙන් ලංකාව හුදකලා වෙලා නැහැ. මේ අරගල දෙක නිසා ලෝකයේ සැපයුම් ජාල වලට බොහෝ ආඩම්බරයෙන් ප්‍රකාශ කරපු ගෝලීයකරණය පිළිබඳ කාරණාවලට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ආහාර වලට පොහොර වලට ඒ වගේම විශේෂයෙන්ම ඉන්ධන වලට විශාල බලපෑමක් මේ කලාපයේ අපි හැමෝටම එල්ල වෙලා තිබෙනවා.”

ඒ නිසා මෙය තවදුරටත් හුදකලා ගැටලුවක් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...