නෙත්මිට තූර්කි මානම වරදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 14, කොළඹ (LNW):  ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ඔලිමිපික් සුදුසුකම් ලබා ගැනීම සඳහා තූර්කියේ ස්තාන්බුල් හී පැවති මල්ලව පොර තරගවෙලියේ දී සිය ඉසව්ව වන කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් තරග කළත් අවශ්‍යය සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූවාය.මෙම තරගාවලියේදී ඇයගේ බර පංතිය නියෝජනය කරමින් තරග වැදුණු මෝල්ඩෝවා,මොංගෝලියා සහ තූර්කි ක්‍රීඩිකාවක් කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය
මේ තරගාවලියේ දී එම බර පංතියේ අනු සූරිය වූ මොංගෝලියාවේ කුලාන් බට්ක්යුයාග් සමඟ තරග වැදුණු නෙත්මි එයින් පරාජයට පත් වූවාය.ඇයටත් වඩා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක වන ග්‍රීසිය නියෝජනය කරන ප්‍රෙවොලාර්කි සමඟ වූ තරගයෙන් ද නෙත්මි හොඳ සටනක් දුන්නද අවසානයේ පරාජය වැළද ගත්තාය.බ්‍රසීලයේ සබ්‍රිනා ගාමා ටැපජෝවා සමඟ වූ තරගය පහසුවෙන් ජය ගත්ත ද නෙත්මි පරාජයට පත් කළ මාරියාගේ ගමන ඊ ළඟ තරගයෙන් නතර වූ බැවින් නෙත්මිගේ ගමන එම තරග තුනෙන් නිමාවට පත් විය.
මෙහිදී නෙත්මි තරග වැදුණු සියලුම ක්‍රීඩකාවන් ඇයට වඩා ජාත්‍යන්තර අත්දැකීම් ඇති ජයග්‍රහණ ලබා ඇති ක්‍රීඩිකාවන් වන අතර නෙත්මි මෙම තරගවලදී දක්වන සටන්කාමීත්වයට ජාත්‍යන්තර වශයෙන් පුහුණුවේ සිට එකතු විය යුතු සියලු කළමණා එකතු වන්නේ නම් ඇය අනාගතයට අදට වඩා වටින ක්‍රීඩිකාවක් වීම නොවැළක්විය හැකි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...