විදේශීය සංචාරයකයන්ගේ භාවනා වැඩසටහන් සඳහා ඉන්දියාවෙන් යෝගා මෙට්ට පරිත්‍යාගයක්!

කොළඹ LNW:විදේශීය සංචාරකයන් සඳහා ශ්‍රී දළදා මාලිගාවේ උඩවත්ත කැලයට යාබදව පිහිටි උයන් ආශ්‍රිතව හදුන්වාදීමට නියමිත භාවන වැඩටසහන් සඳහා යෝගා මෙට්ට පරිත්‍යාග කිරීම ඉන්දීය රජයේ මැදිහත්වීම මත අද (14) සිදුවිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ( H.E. Santosh Jha) මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා සකස් කරන ලද යෝගා ඇතිරිලි ප්‍රදානය කිරීම සිදුවූයේ ශ්‍රී දළදා මාළිගාවේ විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදීය.

ශ්‍රී දළදා මාළිගාව සහ උඩවත්ත කැලේ වන අරක්ෂීතයට යාබදව විදේශීය සංචාරයකයන් සඳහා භාවනා වැඩසටහන් ක්‍රියාත්ක කිරීමට නියමිත අතර ඔවුන්ට අවශ්‍ය කෙටි ආහාරයක් හා යෝගා මෙට්ට ලබාදිම ශ්‍රී දළදා මාලිගාවේ මැදිහත්වීම මත සිදුවේ.

ඒ අනුව දියවඩන නිලමේවරයා කළ ඉල්ලීමකට අනුව ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙම ස්වාභාවික ඇතිරිලි 100ක් ප්‍රදනය කිරීම සිදුවිය. මේ තුළින් බෞද්ධාගම විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම හා සංචාරක ආකර්ෂණය ඇති කිරීම ද අපේක්ෂිතය.

එම ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ඉන්දීය මහ කොමසාරිස් සාරාන්‍යා . වී. එස් මිය ඇතුලු පිරිසක් එක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...