කබීර් හෂීම්, හෙක්ටර් අප්පුහාමි ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හෙට දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ආණ්ඩුවට එකතු වෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
සජබ මන්ත්‍රීවරුන් 10 – 15 අතර පිරිසක් පසුගිය සතිය තුළම ඉවත් වීමට නියමිතව තිබුණත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම තුළ එය කෙසේ හෝ වළක්වා ගැනීමට කටයුතු කර තිබිණි.
එසේවෙතත් හෙට දිනයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සජබෙන් ඉවත්ව ආණ්ඩුවට එකතුවෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මේ පිළිබඳ විමසීම සඳහා අප විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුව ද එය සාර්ථක වූයේ නැත.
RN