ඉතිහාසයේ පළමු වතාවට විපතට පත් නොවූ ජනතාව දුක් වුණා. අනේ, අපිට වතුර දැම්මේ නෑනේ කියලා – මාලිමා මන්ත්‍රී රුවන්

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතික ජන බලවේග රජයෙන් විශාල වන්දි මුදල් ලබාදීම නිසා ගම්වල ජනතාව තමන් එම සුළි කුණාටුවෙන් ආපදාවට ලක්නොවීම සම්බන්ධයෙන් දුක්වුණු බව ජාජබ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

මෙය ලංකා ඉතිහාසයේ මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

“විපක්ෂය අර හිනාවෙමින් ඇහුවානෙ තහඩුවක් ගියත් ලක්ෂ 10 දෙනවාද කියලා, මගෙ ළඟ තියන සංඛ්‍යා දත්ත මම ඉදිරිපත් කරන්නම්. මං හිතන්නෙ ලංකා ඉතිහාසයේ මේ දිට්වා සුළි කුණාටු තත්වය තමයි ආපු එකම විපත, ස්වභාවික විපතකට පස්සේ අපේ ගම්වල ජනතාව දුකට පත්වුණා මේ ආපදාවට තමන් ලක්නොවීම පිළිබඳව. ඒ කියන්නෙ ගෙදරට වතුර දැම්මෙ නෑනෙ කියලා දුක්වුණා. හේතුව, අසල්වැසියාගෙ ගෙදරට වතුර දැම්මාම 25000යි, ගෘහ උපකරණ ලබාගන්න 50000යි දෙනකොට ඒ තත්වය”

රුවන් මාපලගම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා මෙම වීඩියෝව ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි ද පළකර තිබුණු අතර ජනතාව ඊට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙනු ද දැකගත හැකිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...