රෂිකා හෙන්නායක මැයි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු රජය විසින් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන විදේශිකයන් සඳහා පනවා තිබූ ඇප මුදල් ගෙවීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට තීරණය කර ඇත.
මීට පෙර රටවල් පනහක ප්‍රේක්ෂකයන්ට පනවා තිබූ ඩොලර් 15,000ක වීසා තැන්පතුව මෙලෙස නිදහස් කෙරෙනුයේ වලංගු ප්‍රවේශපත්‍ර සහිත පිරිස් සඳහා පමණි.
මෙම පියවර හරහා තරගාවලියට සුදුසුකම් ලැබූ අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රීඩාලෝලීන්ට සහනයක් සැලසෙන අතර, මීට පෙර මෙම නීතියෙන් නිදහස්ව සිටියේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් පමණි.
කෙසේ වෙතත්, ඉරානය සහ හයිටි වැනි ඇතැම් රටවල සංචාරකයින්ට තවදුරටත් දැඩි සීමා පවතින බව සඳහන් වේ. මීට අමතරව, සංචාරකයින්ගේ සමාජ මාධ්‍ය දත්ත පරීක්ෂා කිරීම වැනි දැඩි ආගමන විගමන ප්‍රතිපත්ති පිළිබඳව මානව හිමිකම් සංවිධාන සිය කනස්සල්ල පළ කර ඇත.



