අවශ්‍ය මොහොතේදී ඕනෑම අභියෝගයක් භාරගන්න සූදානම් – සජබ මන්ත්‍රී හර්ෂ කියයි

කොළඹ LNW:සෑම දෙයකටම විරුද්ධ වීම නොව හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින් අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට තමන් සූදානම් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ සිය මුහුණු පොතේ සටහනක් තබමිනි.

රටට අලුත් යුගයක් අවශ්‍ය බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේවෙතත් ආණ්ඩුවට එක්නොවන බවද මන්ත්‍රීවරයා පවසයි.

සම්පූර්ණ සටහන,
”රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.

දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.

මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.

ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.

ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...