“SME Nexus” සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන “SME Nexus” 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඊයේ දින (13) එළිදක්වනු ලැබීය.

මෙරට ලියාපදිංචි මුළු ව්‍යාපාරවලින් 75% කට වඩා නියෝජනය කරන, දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 52% ක දායකත්වයක් ලබා දෙන සහ ශ්‍රම බලකායෙන් 45% ක් සේවයේ නියුක්ත කරවන සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි,

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” (A Thriving Nation – A Beautiful Life) දැක්ම පෙරදැරිව සකස් කර ඇති මෙම සැලැස්ම, ව්‍යවසායකයාගේ එදිනෙදා දිවි පැවැත්මේ සිට ඉහළ වර්ධන විභවයක් ඇති අපනයන අභිමුඛ ව්‍යවසායකයෙකු දක්වා පරිවර්තනය කිරීමට මඟ පෙන්වයි.

මූලික උපායමාර්ගික දැක්ම සහ කුළුණු 11ක් පදනම්ව ගොඩනැගෙන මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන අංශ 5ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි:

 1.⁠ ⁠තාක්ෂණික සහ ඩිජිටල් සවිබල ගැන්වීම: ඒකාබද්ධ SME දත්ත පද්ධතියක් සහ ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වා දීම.
 2.⁠ ⁠ආයතනික ඒකාබද්ධතාවය: ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආයතන සියල්ල එක් ජාතික අරමුණක් කරා ඒකාබද්ධ කිරීම,.
 3.⁠ ⁠සේවා සැපයුම් ව්‍යුහය: ‘තනි කවුළු’ (Single-window) සේවා මධ්‍යස්ථාන සහ ‘SME Connect’ ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාර්යක්ෂම සේවා සැපයීම.
 4.⁠ ⁠අභිජනනය සහ නව ව්‍යාපාරික සහාය: ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සහ ලියාපදිංචිය සරල කිරීම,.
 5.⁠ ⁠වෙළඳපල සංවර්ධනය සහ අගය දාම ඒකාබද්ධතාව: දේශීය නිෂ්පාදන ගෝලීය අගය දාමයන් (Global Value Chains) වෙත සම්බන්ධ කිරීම.
 6.⁠ ⁠ව්‍යාපාරික බුද්ධි පර්යේෂණ: SIBA ඒකකය හරහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ වෙළඳපල පර්යේෂණ සහාය ලබා දීම.
 7.⁠ ⁠පරිසර පද්ධති හවුල්කරුවන් ඇගයීම: බැංකු, වාණිජ මණ්ඩල සහ නිලධාරීන්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීම,.
 8.⁠ ⁠සබඳතා කළමනාකරණය: සංවර්ධන නිලධාරීන් ‘සබඳතා නිලධාරීන්’ (Relationship Officers) ලෙස පුහුණු කර ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දීම,.
 9.⁠ ⁠මූල්‍ය ප්‍රවේශය සහ වර්ධන අරමුදල: ණය සුදුසුකම් සංවර්ධනය කිරීම සහ ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා ‘වර්ධන අරමුදලක්’ (Growth Fund) ස්ථාපිත කිරීම.
10.⁠ ⁠ව්‍යවසායකත්ව අධ්‍යාපනය සහ සංස්කෘතිය: පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව චින්තනය ප්‍රවර්ධනය කිරීම.
11.⁠ ⁠ප්‍රතිපත්ති සහ නියාමන වෙනස්කම්: ව්‍යවසායන්ට බාධාවන නීති සහ නියාමන ප්‍රතිසංස්කරණය කිරීම.

මෙම රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය පහසුවෙන් කර ගැනීමටත්, නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමටත්, විශේෂිත මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ.
විශේෂයෙන්ම, සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ව්‍යවසායකයාගේ වර්ධනයට සෘජුව සහාය වන උපදේශන සේවාවන් මෙහිදී නොමිලේ ලබා ගත හැකිය.

මෙම ජාතික වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාව අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා උත්පාදනය කිරීමටත් සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් අපේක්ෂා කරයි.

මෙම අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂන අමාත්‍ය ක්‍රිශාන්ත අබේරත්න මහතා, ඩිජිටල් හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, තානාපති කාර්යාල නිලධාරීන්, මූල්‍ය සහ ව්‍යාපාරික සේවා පාර්ශවකරුවන්, ව්‍යාපාර උපදේශකයන්, රාජ්‍ය නොවන සංවිධාන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයට සම්බන්ධ සියළුම පාර්ශවකරුවන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...