*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

පැනිල්ලෙන් පෙනෙන පෙනිල්ල

මේ මොහොතේ ක්‍රීඩා කේෂ්ත්‍රය පුරා පැතිර යන කතාව ප්‍රංශයේදී ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයින් හතක් පැන යාමය.පැන්නාට වඩා අවුල ඔවුන් රණ විරුවන් වීමය.රණ විරුවන් කර දේවත්වයට පත් කර තමන් වෙනුවෙන් මිනිස්සු මරන්න බෝධි පූජා තියමින් ආයුධවල වෙඩි උණ්ඩ සතුරාගේ පුපවටම වැදියා කියලා සෙත් කවි කවි බණ කියපු අය පවා ඉහළින් ඔසවා තිබූ ශුද්ධ ආත්ම දියවීම ගැන මේ මොහොතේ සෑහෙන්න කම්පාවෙන් කතා කරමින් ඇත.

නමුත් එහෙම දේවත්වයක් වීරත්වයක් නැත.මේ මොහොතේ මේ රටේ ජීවත්වීම අපහසු වි සිටින සියලු වෘත්තීන්ට බලපාන ගැටළු ඒ හැමෝටම ද පොදුය.එකම අවුල වන්නේ මේ ආකාරයෙන් සංචාර අතරමැද පැන යාමෙන් ඒ රටවලට නීත්‍යාණුකූලව පිවිසීමට ඇති අයිතියද යම් ආකාරයකින් අර්බූදයට ලක් වීමය.
මේ සංචාරය පැවත්වෙන්නේ තුන් ප්‍රයාම ඉසව් සම්බන්ධයෙන්ය.එවැනි ජාත්‍යන්තර මට්ටමෙන් මෙවැනි ඉසව්වක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ 2019 වසරේය.ඒ නේපාලයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී ය.එම තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගන්නට අවස්ථාව හිමි වන්නේය.
ඒ ශ්‍රී ලංකාවේ තුන් ප්‍රයාමය ගැන ඉහළින්ම කතා බහට ලක් වූ අවස්ථාවය.එතැන් සිට යළිත් රට තුළවත් සංදර්ශනාත්මක ලෙස තුන් ප්‍රයාමය කතා බහට ලක් වුණේ නැත.2019 තුන් ප්‍රයාම පදක්කම්ලාභිණියන් දෙන්නෙක්ම හම්බන්තොට වූ බැවින් නාමල් රාජපක්ෂ කැඳවා පිංතුරයක් ගෙන සිය මුහුණු පොතේ ප්‍රචාරය කර ගත් අතර පසුව ඔහු ක්‍රීඩා ඇමති ධූරයට පැමිණි පසුවත් විශාල ලෙස තුන් ප්‍රයාමයක් සිදු වූයේ නැත.එහි රන් පදක්කම්ලාභිණිය වූ එරංගා දුලක්ෂි කාලයක් මීටර් 3000 බාධඛ දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිණිය ද වූවා ය.

මේ ඉසව්ව තෙයාකාරය.දිවීම,පිහිණිම සහ පාපැදි පැදීම ඇතුළත්ය.ඒ නිසාම දිවීමේ පාවහන්,පාපැදිය සහ ඊට අදාළ පාවහන්.ඉසව් තුනටම අදාළව ඇඳුම් යනාදිය සේ ක්‍රීඩාව වෙනුවෙන් දරන්න වෙන්න ආර්ථික වියදම පහසු නැත.එසේම පුහුණුව සහ ශරීර ශක්තිය සමඟ යෝග්‍යතාවය වෙනුවෙන් යෙදවීමට අවශ්‍යය වියදමද සුළු නැත.
එවැනි තත්ත්වයක අවධානයක් නැති මේ ඉසව්වේ ප්‍රංශයට අරගෙන යාමට තරම් කණ්ඩායමක් රැදී සිටීමම මරු ය.රටේ ඉඩක් නැති වැඩි අවධානයක් නැති මෙවැනි ඉසව්වකට ජගත් මට්ටමේ ඉඩක් ඇද්ද?ජාත්‍යන්තර හමුදා ඉසව් සඳහා අනිවාර්යෙන් සහභාගි විය යුතුද?නැතිනම් ලෝකයෙන් කොන් වෙනවාද හෝ පිළි ගැනීමක් ලැබෙන්නේ නැද්ද?

මෙවැනි කාරණාවන් සළකද්දී ලංකාව ඇතුළෙවත් ක්‍රීඩාවක් හැටියට දකුණු ආසියාව ජයගෙන පැමිණි පසුවත් ඉහළට ශසවා තබන්නට කිසිඳු සැළසුමක් නොමැතිව තිබුණ ඉසව්වක් එක්වරකම ලෝක මට්ටමේ තරගාවලියකට යැවිය යුතුද?දේශිය මට්ටමේ පැවත්වෙන තරග ඉසව් පවා ජාත්‍යන්තරයට සුදුසු නැහැ කියමින් ඒවා ප්‍රවර්ධනය නොකර සිටින ක්‍රීඩා බලධාරීන් ඇති රටක තුන් ප්‍රයාම වැනි ඉසව්වකට ප්‍රංශයට යන්න සූදානම් කිරීමේ සිට,කණ්ඩායම සකස් කර ගැනීම ගැන මුල සිට අනුමැතිය හිමි වීම දක්වා සැළසුමක් ගැන සැකයක් ඇති නොවීම ගැන සැක නැද්ද?

කෙසේ හෝ මේ මොහොතේ ත්‍රිවිධ හමුදාව මේ කාරණාත් සමඟ සමාජයට ඉදිරිපත් කළ යුතු ඇත්තක් ද වේ.මේ සිඳුවීමට සාපේක්ෂව සමාජයේ කතාවට ලක් වී ඇති කාරණයක් වන්නේ හමුදාවට දන්වා හා නොදන්වා විශාල පිරිසක් රට හැර ගොස් ඇති බවය.නොදන්වා හමුදාවන් හැර යාමක් සිඳුවන්නේ ද?ඒවා රට යෑම් සේ ගත නොහැකි වන්නේ අනීතික සේ කරුණු දක්වා එසේ යාමට නොහැකි නිසාය.නමුත් ඒ ආකාරයට හමුදාවන් හැර යාමේ ප්‍රවනතාවක් ඇද්ද යන්න සමාජයට වැදගත්ය.

පවතින ආර්ථික හා සමාජ දේශපාලන අර්බූදය හමුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත් පෝලිම දික් වීම සිඳු වූයේ රජයට ආදායම නැති නිසා ගමන් බලපත්‍රයට වියදම් කර රජය පෝෂණය කිරීම සඳහා නොවේය.ඒ පෝලිම්වල ත්‍රිවිධ හමුදාවන්ට අයත් අය ද සිටිය බව නිබොරුය.ඒ නිසා රටේ පවතින අර්බූදයට විසඳුම් ඉල්ලා සහ ඊට බලපාන ක්‍රමයන් වෙනස් කරන්නට පාරට බසින විරෝධයන්ට ගුටි බැට දුන්න ද,ඒ සෙබළාම ඒ ප්‍රශ්නවල පීඩාවේ ගොදුරක්ය.ඉහළින් කියනවාට පහර දී තමන්ගේම හදවත තුවාල කරගෙන පසුව පාස්පෝර්ට් පෝළිමට ඔවුන් ද එකතු වන්නේය.ඒ නිසා හමුදා සෙබළු හතක් පැන යාම ලෙස මෙය හමුදාවට බරක් කරන්නට යාම අනවශ්‍යය එකකි.රට ගිය ක්‍රමයේ වරදක් ඇත.පැනපු අය මෙන්ම ඊට මේ සංචාරය හරහා තවත් සම්බන්ධ අය ද යම් ව්‍යාපාරික මැදිහත්වීමක් කර තිබිය හැකිය.සොයන්නට අවශ්‍යය මෙම පැන යාම් පිටුපස අනුබල දී යම් ලාභයක් උපයා ගත් පිරිස් සිටිනවාද යන්නය.ඔවුන් තුවාලය කා වැඩෙන ඉහඳ පනුවන්ය.නැතිනම් අර්බූදය බඩවියත වෙනුවෙන් වැය කරන බඩ ගෝසතරවාදීන් ය.

එතැනින් මෙපිට මෙම පැන යාම වැටෙන්නේ මේ රටේ ජීවත්වීමට නුසුදුසු තත්ත්වයක රට හැර යන පුරවැසියන්ගේ ගොඩට මේ පැන ගිය අයද ඇතුළත් වීමෙන්ය. ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් විය.මේ අතරින් කණ්ඩායම තරග තුනකට සහභාගි වි ඇත්තේ මැයි 7 වන දා ය.මේ එහි ප්‍රතිපල ලේඛණ ඔබට පරික්ෂා කිරිමට හැකි සබැඳි පිවිසුම් මාර්ගය.

file:///C:/Users/User/AppData/Local/Temp/Temp1_results_wmc_triathlon%20(1).zip/Challenge%20Elite%20Men.pdf
file:///C:/Users/User/AppData/Local/Temp/Temp1_results_wmc_triathlon%20(1).zip/Challenge%20Elite%20Mixed.pdf
file:///C:/Users/User/AppData/Local/Temp/Temp1_results_wmc_triathlon%20(1).zip/Elite%20Mixed%20Relay.pdf

මේ කණ්ඩායමේ ප්‍රධානියා වී ඇත්තේ ආරක්ෂක සේවා තුන් ප්‍රයාම සංගමයේ සභාපති කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි ය.පැවසෙන ආකාරයට ගමන් බල පත්‍ර සොරාගෙන පැන ගොස් ඇත්තේ මොහුගේ ගමන් මල්ලනේ විය යුතුය.එසේත් නැතිනම් ඔහු විසින් ඒවා පරිස්සම් කරන්නට දුන් නිලධාරියෙක්ගෙන්ය.
මේ සාමාන්‍ය රටේ පුරවැසියාට ජීවිත්වීම කෙරෙහි බලපාන පීඩනය විසින් ඇති කරන අතුරුපලය.හමුදාවල ඉන් පරිභාහිර වූ විශේෂ කොටස් නැත.ඔවුන් විසින් නිර්මාණය කරගන්නා ලද සහ සාමාන්‍ය සමාජය විසින් නිර්මාණය කර දුන් තත්ත්වයක් හැරෙන්නට වෘත්තිමය ස්වභාවයන්ගෙන් සහ වගකීම්වලින් වෙනස් වීම හැරෙන්නට සමාජය මත පැටවෙන පීඩනයේ බර දැනෙන හැටි වෙනසක් නැත.මේ හමුදා ක්‍රීඩක පිරිස ද ඔප්පු කර පෙන් වූයේ එයය.

මීට පෙර ද රාජකාරිමය වගකීම් සඳහා පිටත් කර ඇමෙිකාවට යවන ලද පිරිස් ද එහි පුරවැසිභාවය ඉල්ලමින් නවතින්නට තීරණය කර අවස්ථාවක් තවමත් අලුත් මතකයක්ය.එවැනි තත්ත්වයක ක්‍රීඩා ඉසව්වලට ගොස් මෙවැනි අතුරුදහන්වීම් සිඳු වීම පුහුණු වෘත්තියවේදීන්ටද යම් යම් රටවලට යාමේදී විසා ලබා ගැනීම වැනි කාරණාවලදි අනවශ්‍යය දුෂ්කරතාවයක් ඇති කරන්නට ඉඩ ඇත.එසේම මේවා නිකංම සිඳු වන පලායාම් සේ සිතීම ද අගහටය.නමුත් පහළට එල්ලවන පීඩනය උඩට යන්නේ නැත.ගැලීම ඉහළින් පහළටය.සාධාරණය වන්නටනම් පනින අය ව්‍යාපාරක ලෙස මැදිහත්කරුවන් මඟ පෙන්වන්නන් හරහා පැන යන්නේනම් ඒ ජීවත්වීමේ දුෂ්කරතාවය යොදා ගෙන බොටුව මිරිකා ලේ බොන රකුසන් පළමුව සොයා ගත යුතුය.

ඔබ ඉහත සඳහන සබඳතා ඔස්සේ ප්‍රතිපල ලේඛන පරික්ෂා කර විට රටේවත් නිවැරදිව පුහුණු කර ප්‍රවර්ධනය කරන්නට උනන්දුවක් නැති ක්‍රීඩාවක් වෙනුවෙන් ප්‍රංශයට ගියේ ඇයි ද යන්න ගැන කුමක්නම් සිතෙන්නේද?
මේ සමඟ දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් තරග සංවධානයේ මුහණු පොත පළ කර තිබූ ඡායාරූප කිහිපයක්ය.

කෙසේ හෝ පැනිල්ලට දෙස් දෙවොල් තියන්නට කළියෙන් පැනිල්ලෙන් පෙනෙන පෙනිල්ල ගැන වැඩි අවධානයක් යොමු කර විමර්ශණාත්මකව ඒ දෙස බලන එක වැදගත්ය.පුරවැසියා රට තේරුම් ගෙන තමන්ගේ තීරණය සඳහා වන අවස්ථාව අවබෝධයෙන් භාවිත කළ යුතුය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan