රේගු තදබදය පිටුපස සිදුවන්නේ කුමක්ද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රේගු තදබදය පිටුපස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා , ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.

“ලංකාවට විදේශයන් රටවලින් එන හැම කන්ටේනර් එකක්ම කාණ්ඩ තුනකට වැටෙනවා. දැඩි අවධානම් ඒවා අනිවාර්යෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කරනවා. කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රේගුව පැය 24ම වැඩ. දැන් මේ තදබදයට ප්‍රධාන හේතුවක් වෙනවා සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සව ආපු නිවාඩුව. නමුත් තව නිර්මාණය වෙච්ච තත්ත්වයක් පෙනේන්නට තිබෙනවා කියලා මට වාර්තා වුණා. තදබදයක් ඇති වුණ ගමන් මට පිටත තිබෙන යාර්ඩ්වලට යවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනවා. ඒ පිටතට ගෙනියනවා කියන්නේ ඉතා පහසුවෙන් අයථා ක්‍රියාකිරීමට ඉඩක් ලැබෙනවා. ඒවට නම් ඉඩ දෙන්නේ බෑ. මේ සියල්ලම ගැන අපි හොයාබලනවා. මම මේ වනකොට ජනාධිපතිවරයාගේ නියමයෙන් වාර්තාවක් සකස්කරමින් යනවා, මැයි මාසේ 31 වනදා වාර්තාව භාරදෙනවා. අපි යම්කිසි අලුත් ක්‍රමයක් හොයා ගන්නකොට ඊට වැඩිය අලුත් ක්‍රමයක් හොයා ගන්නවා වැරදි කරන්න. ඒ නිසා අපිට ඒවට ඉඩදෙන්න බැහැ.” 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...