ග්‍රාම නිලධාරීවරුන් ගෙයින් ගෙට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසන අතර , කොවිඩ් රෝග තත්ත්වය සහ පැවති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පසුගිය වසර දෙකේදී ග්‍රාම නිලධාරින්වරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම නවතා දැමීමට තීරණය කර තිබුණි.

නමුත් ,  මෙවර ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව සඳහන් වන අතර කෙසේ හෝ ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවලදී මහජනතාව නිවෙස්වල නොසිටියහොත් එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම වඩාත් වැදගත් බව එම කොමිසම සඳහන් කළ අතර , ඡන්ද හිමි නාමලේඛන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 31 වනදා වන විට එය සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමිසම පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...