තරුණ පිරිසට සහන පොලි ණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත .

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බවත් ,එම ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ලබාදී ඇති බවයි .
 
කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ , එහි මුල් අදියර තුළ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කර ඇති අතර කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...